අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

2021 කිසිම මැතිවරණයක් නැහැ-පළාත් සභා කතා බොරු

2021 කිසිම මැතිවරණයක් නැහැ-පළාත් සභා කතා බොරු

පළාත් පාලන මැතිවරණය 2022 අප්‍රේල්..? පළාත් සභා මැතිවරණය අලුත් ව්‍යවස්ථාවෙන් පස්සේ ආණ්ඩුවේ ස්ථාවරයට විපක්ෂයත් එකඟයි පළාත් සභා යළි පැවැත් වේවි ද කියලත් සැකයි (සුජිත් මංගල ද සිල්වා) පළාත් සභා මැතිවරණය…

පළාත් පාලන මැතිවරණය 2022 අප්‍රේල්..?

පළාත් සභා මැතිවරණය අලුත් ව්‍යවස්ථාවෙන් පස්සේ 

ආණ්ඩුවේ ස්ථාවරයට විපක්ෂයත් එකඟයි 

පළාත් සභා යළි පැවැත් වේවි ද කියලත් සැකයි 

2021 කිසිම මැතිවරණයක් නැහැ-පළාත් සභා කතා බොරු

(සුජිත් මංගල ද සිල්වා)

පළාත් සභා මැතිවරණය ඉදිරියේ දී පැවැත් වෙනු ඇති බවට සියලු ජනමාධ්‍ය ඔස්සේ රට පුරා විශාල ප්‍රචාරයක් පැතිර යන නමුත් එම මැතිවරණය තබා පළාත් පාලන මැතිවරණයවත් 2021 වර්ෂයේ දී නොපැවැත් වෙන බව "lankanewsweek" ඉතාම වගකීමෙන් යුතුව  තහවුරු කර සිටින්නෙමු.

පළාත් පාලන මැතිවරණය 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී පමණ පැවැත් වෙනු ඇති අතර ආණ්ඩුවේ පැහැදිලි ස්ථාවරය වී තිබෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසුව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවය.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තමාට හිතවත් පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් සමග කොළඹදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී කියා තිබෙන්නේ පළාත් සභා මැතිවරණය හෝ පළාත් පාලන මැතිවරණය මේ අවුරුද්දේ දී කිසිසේත් නොපැවැත් වෙන අතර පළාත් සභා මැතිවරණයක් මේ රටේ නැවත පැවැත් වේවි ද යන්න පිළිබඳව සැක සහිත බවය.

දැන්වීම

එමෙන්ම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද සිය සමීපතමයින් පිරිසක් සමග කියා තිබෙන්නේ පළාත් සභා මැතිවරණය මේ වර්ෂයේදී කිසි සේත් නොපැවැත් වෙන අතර එවැනි මැතිවරණයකට මේ මොහොතේ පදනමක් ද නොමැති බවය.

පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් බරපතළ වාද විවාද එදා සිටම පවතින තත්ත්වය හමුවේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කෙරෙමින් පවතින අවස්ථාවක එවැනි ප්‍රශ්න ගත මැතිවරණයක් පැවැත් වීමෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට බාධාවක් වන බව ආණ්ඩුවේ දැඩි ස්ථාවරය වී තිබෙන බව දැන ගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන නායකයින්ගෙන් "lankanewsweek" කළ විමසුමක දී එම නායකයින් ද පළාත් සභා මැතිවරණය සම්බන්ධ ආණ්ඩුවේ ස්ථාවරය අනුමත කළ අතර මේ කාරණය සම්බන්ධයෙන් අවශ්‍ය නම් ආණ්ඩුවට ජන මත විචාරණයකට යා හැකි බව ද පෙන්වා දුන්නේය.         

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න