2019 පළමු ශ්රේණියේ චක්රලේඛනය වෙනස් කළා දැයි සොයයි..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

අධ්යාපන අමාත්යංශය විසින් 2019 වසරේ පළමු ශ්රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නිකුත් කළ චක්රලේඛය බස්නාහිර පළාත් අධ්යාපන අමාත්යාංශය මගින් වෙනස් කර ඇත්දැයි සොයා බලා ඒ සම්බන්ධයෙන් අවශ්ය ක්රියාමාර්ග…
අධ්යාපන අමාත්යංශය විසින් 2019 වසරේ පළමු ශ්රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නිකුත් කළ චක්රලේඛය බස්නාහිර පළාත් අධ්යාපන අමාත්යාංශය මගින් වෙනස් කර ඇත්දැයි සොයා බලා ඒ සම්බන්ධයෙන් අවශ්ය ක්රියාමාර්ග ගන්නැයි අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.
මෙම අමාත්යංශ විසින් නිකුත් කළ 2019 වසරේ පළමු ශ්රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්රලේඛණයේ ලකුණුදීමේ ක්රමවේදයේ යම් සංශෝධනයක් කර ඇති බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් මේ පිලිබන්දව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දී තිබේ.
තවද රේඛීය අමාත්යාංශයෙන් නිකුත් කළ චක්රලේඛයක් අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට පළාත් සභාවකට හැකියාවක් නැතැයිද අධ්යාපන අමාත්යාංශය කියයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1