2017 “සුවවිරු අභිෂේකය” බලපිටිය රෝහලට

(ජයකාන්ත ලියනගේ) දකුණු පළාතේ “A” කාණ්ඩයේ රෝහල් අතර පැවති තරඟයේදී ගාල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි ප‍්‍රධානතම මූලික රෝහල වන බළපිටිය මූලික රෝහල, 2017 වර්ෂයේ සුවවිරු අභිෂේක සම්මානය පස්වැනි (05) වරටත් හිමිකර…
(ජයකාන්ත ලියනගේ)
දකුණු පළාතේ “A” කාණ්ඩයේ රෝහල් අතර පැවති තරඟයේදී ගාල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි ප‍්‍රධානතම මූලික රෝහල වන බළපිටිය මූලික රෝහල, 2017 වර්ෂයේ සුවවිරු අභිෂේක සම්මානය පස්වැනි (05) වරටත් හිමිකර ගැනීමට සමත්ව තිබේ
දකුණු පළාත් සෞඛ්‍යසේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේදී පිට පිටම 2011, 2012, 2013 සහ 2014 යන වර්ෂවලදී ද මෙම සම්මානය බළපිටිය මූලික රෝහල හිමි කර ගෙන තිබීමද විශේෂත්වයකි.
දැන්වීම
පානදුර සිට මාතර දක්වා අතරතුර ගාලූ පාර ආසන්නයේ තිබෙන සියලු රෝග සදහා ප‍්‍රතිකාර කරන එකම රෝහල වන්නේද බළපිටිය මූලික රෝහලයි. ගාලූ පාර ආසන්නයේ ගාල්ල, මහ මෝදර රෝහල පිහිටියත් එය මාතෘ රෝහලක් ලෙස වෙන්කර තිබේ.
මේ නිසාම හදිසි අනතුරුවලට ලක් වන විශාල පිරිසක් රැගෙන එන්නේ මෙම රෝහලට වන අතර ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉතා උසස් මට්ටමේ හදිසි අනතුරු ඒකකයක් තිබුණත් එම රෝහලට ගාලූ පාරේ සිට කිලෝ මීටර් කීපයක් යෑමට සිදුව තිබෙන බැවින් රථ වාහන අනතුරුවලදී වැඩි වශයෙන් රෝගීන් මෙම රෝහලට රැගෙන ඒමට පෙළඹී ඇත. ඒ නිසාම මෙම රෝහලේ හදිසි අනතුරු අංශය තව තවත් පුළුල් කිරීමේ අවශ්‍යතාවයද සෞඛ්‍ය අංශ හදුනාගෙන තිබේ.
ගාල්ල බළපිටිය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දහසය (16) දෙනෙක් සේවය කරති. පැය විසි හතර පුරාම ක‍්‍රියාත්මක වන ශල්‍යාගාර දෙකක් ද තිබෙන අතර ඇඳන් හතරකින් යුත් දැඩි සත්කාර ඒකකයක්ද තිබේ. මීට අමතරව බාහිර රෝගී අංශය පෙරවරු 8.00 සිට රාත‍්‍රි 8.00 දක්වා ක‍්‍රියාත්මක වේ.
2016 වසරේදී පමණක් බළපිටිය මූලික රෝහලේ ශල්‍ය කර්ම 11266 ක් කර තිබෙන අතර ළමා සායන මගින් ළමුන් එක්ලක්ෂ විසිතුන් දහස් තුන්සිය පනස් පස් දෙනෙකුට ප‍්‍රතිකාර කර ඇත.
බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අසරණ රෝගීන්ට බාහිරෙන් ලබා ගත යුතු ඖෂධ වෙනුවෙන්ද රෝහල මගින් උපකාර කිරීමේ සේවාවක්ද ක‍්‍රියාත්මක වන අතර ඖෂධ නිසි ප‍්‍රමිතියකින් යුක්තව ගබඩා කිරීම සම්බන්ධයෙන්ද බළපිටිය මූලික රෝහලට ඉහළ ස්ථානයක් හිමිව තිබේ.
රෝහල සතුව හදිසි ප‍්‍රතිකාර ඒකකයක්ද ක‍්‍රියාත්මක වන අතර ගාල්ලේ සිට අලූත්ගම දක්වා ප‍්‍රදේශවල ජීවත් වන තුන් ලක්ෂ පනස් දහසක් පමණ ජනතාව මෙම රෝහලෙන් ආවරණය කෙරේන බවද බළපිටිය රෝහලේ ඉහළ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේය.