අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

20 දෙනෙකුගේ සිත් සැනසූ කුලියාපිටියේ විමර්ශනය

20 දෙනෙකුගේ සිත් සැනසූ කුලියාපිටියේ විමර්ශනය

ත්‍රී රෝද රථ 13 ක් - යතුරු පැදි 07 ක් අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ අයෙක් කුලියාපිටිය පොලිස් ස්ථානය තවදුරටත් විමර්ශන සිදුකරයි කුලියාපිටිය, කුරුණෑගල, නාරම්මල, පොල්ගහවෙල, අලව්ව සහ මාරවිල යන ප්‍රදේශ…

ත්‍රී රෝද රථ 13 ක් - යතුරු පැදි 07 ක්

අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ අයෙක්

කුලියාපිටිය පොලිස් ස්ථානය තවදුරටත් විමර්ශන සිදුකරයි

කුලියාපිටිය, කුරුණෑගල, නාරම්මල, පොල්ගහවෙල, අලව්ව සහ මාරවිල යන ප්‍රදේශ තුලින් සොරාගත් ත්‍රී රෝද රථ 13 ක් සහ යතුරු පැදි 07 ක් සොයාගැනීමට හැකි වූ විමර්ශනයක අත්අඩංගුවට ගත් සැකකරු 2025.03.27 වන ඊයේ දින යලි අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.   

කුලියාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් අනාවරණය කරගත් තොරතුරක් මත 2025.03.20 වන දින 47 හැවිරිදි එම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන කුලියාපිටිය නගරයේ සිටියදී අත්අඩංගුවට ගත් අතර 2025.03.21 වන දින කුලියාපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නි‍යෝග ලබා සිදුකල ප්‍රශ්න කිරීම් මගින් මේ වන විට ඉහත රථ ප්‍රමාණය සොයාගැනීමට හැකිවී ඇත.

සැකකරු සම්බන්ධව කුලියාපිටිය පොලිස් ස්ථානය තවදුරටත් විමර්ශන සිදුකරයි.

(ශ්‍රී ලංකා පොලීසිය)  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න