“20යි-විස්සෙ” දී ආණ්ඩුවට බෙල්ල දෙන්න ෆීල්ඩ් මාර්ෂල් සූදානම්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

2010 ට සුදුසු සරත් ෆොන්සේකා 2020 ට නුසුදුසු වන්නේ කෙසේද..? ෆීල්ඩ් මාර්ෂල් කරළියට ගෙනෙන මෙහෙයුම ඇරඹේ..! (උපුල් බණ්ඩාර) එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා…
2010 ට සුදුසු සරත් ෆොන්සේකා 2020 ට නුසුදුසු වන්නේ කෙසේද..?
ෆීල්ඩ් මාර්ෂල් කරළියට ගෙනෙන මෙහෙයුම ඇරඹේ..!
(උපුල් බණ්ඩාර)
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කරළියට ගෙන ඒම කෙරෙහි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ පසු පෙළ මන්ත්‍රීන් පිරිසකගේ විශේෂ අවධානය යොමු වී තිබේ.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ පසු පෙළ මන්ත්‍රීවරු මේ කාරණය සම්බන්ධයෙන් මේ දිනවල විවිධ මට්ටමෙන් සාකච්ඡා කරමින් සිටිති.
යුද්ධය ද ජයග්‍රහණය කර මහින්ද රාජපක්ෂලා බලයෙන් උච්ඡවම සිටි අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය කිසිවක් කර කියා ගත නොහැකිව අසරණ වී සිටියදී පොදු අපේක්ෂකයා ලෙස 2010 දී සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළේ නම් 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත් කළ නොහැක්කේ මන්දැයි “lankanewsweek” වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් ප්‍රශ්න කළේය.
ඒ අවස්ථාවේ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සිය ඇඟ බේරා ගත්තේ සරත් ෆොන්සේකා මහතා බිල්ලට දීමෙන් බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඒකාධිපති රෙජීමයේ භීෂණයට සහ මර්දනයට එරහිව සරත් ෆොන්සේකා මහතා සිය දිවි නොතකා මහින්ද රාජපක්ෂට එරහිව බිය නොමැතිව සටන් බිමට පැමිණියේත් ජනපතිවරණයෙන් පසුව කුරිරු වද හිංසාවන්ට ලක් වෙමින් හිර බත් කෑවෙත් අප සියලු දෙනා වෙනුවෙන් බව කවුරුත් අමතක නොකළ යුතු යැයි පෙන්වා දුන් එක්සත් ජාතික පක්ෂයේ එම ජ්‍යෙෂ්ඨ නායකයා 2010 ට සුදුසු සරත් ෆොන්සේකා 2015 ට නුසුදුසු වන්නේ කෙසේ දැයි ද ප්‍රශ්න කළේය.
මේ අතර දේශපාලන ක්ෂේත්රයේත්,රටත් ජනතාවත් හමුවේත් සියලු අභියෝග භාර ගනිමින් 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ද ඕනෑම මොහොතක ඉදිරිපත් වීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සුදානමින් සිටියි.
එළඹෙන ජනාධිපතිවරණයට තරඟ කරන ලෙස එක්සත් ජාතික පක්ෂය සහ පක්ෂ නායකත්වය අරාධනා කළ හොත් එම අභියෝගය භාර ගැනීමට තමා සුදානම් බව මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිළි කරමින් සරත් ෆොන්සේකා මහතා අනාගහරුවදා (20) “ලංකාදීප” පුවත්පතට ද ප්‍රකාශයක් කර තිබිණ.
රට වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ තමා ඉදිරි කාලයේදීත් රටත් සමස්ථ ජනතාවත් වෙනුවෙන් ඇපකැප වන බව ද එහිදී වැඩි දුරටත් අවධාරණය කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1