"20යි-විස්සට" රැල්ල හදන්න "හංසයා" යළි කරළිය පෙරළයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

රටම බලමුළු ගන්වයි..! "හංසයා"පිට මෙවර නගින්නේ කවුද..? (සුජිත් මංගල ද සිල්වා) අතිශය තීරණාත්මක 2020 ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන “හංසයා” ලකුණින් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සිය සංවිධාන කටයුතු මුළු රටම…
රටම බලමුළු ගන්වයි..!
"හංසයා"පිට මෙවර නගින්නේ කවුද..?
(සුජිත් මංගල ද සිල්වා)
අතිශය තීරණාත්මක 2020 ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන “හංසයා” ලකුණින් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සිය සංවිධාන කටයුතු මුළු රටම ආවරණය වන පරිදි වේගවත්ව සිදු කරමින් දේශපාලන කරළියේ මීළඟ පෙරළියට අවශ්‍ය වේදිකාව සකස් කරමින් සිටියි.
එහි අරමුණ වී තිබෙන්නේ “හංසයා”ලකුණින් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ප්‍රධාන කොට ගත් බලවේගය යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 දී ජයග්‍රහණය කරා ගෙන ගියා වගේම, 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන යහ පාලන කඳවුරේ මීළඟ “ජයග්‍රාහී අපේක්ෂකයාව” ද “හංසයා” පෙරටු කොට ගත් සියලු පාර්ශවයන්ගෙන් යුතු නව, පුළුල් සහ ජාතික දේශපාලන ව්‍යාපාරය ඔස්සේ විජයග්‍රහණය කර වීමය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය,නායකයා සහ එහි වැඩ පිළිවෙළ පිළිබඳව අතිශය කලකිරීමට පත්ව සිටින්නාවූ ද, විවිධ අසාධාරණයන්ට,දේශපාලන පළි ගැනීම්වලට සහ නොසලකා හරීම්වලට ලක්ව සිටින්නාවූ ද සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු සියලු පාර්ශවයන් එකට ඒකරාශී කෙරේ.
මේ වැඩ පිළිවෙළ පිටු පස එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ගණනාවක් ද පසු පෙළ මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුද ඇතුළු ක්‍රියාකාරීන් රැසක් සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරීහූ ගණනාවක් ද සිටිති.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ වේවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ වේවා නැති නම් අලුත්ම චරිතයක් හෝ වේවා කවුරු වුණත් ඒ අපේක්ෂකයා දින වන “රැල්ල” ගොඩනැගීම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දේශපාලන උපක්‍රමය වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු බොහෝ දේශපාලන පක්ෂවල ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක් ද එකට ඒකරාශී කර ගෙන රට පුරා සංවිධාන කටයුතු සිදු කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කටයුතු යොදා තිබෙන්නේ ඒ අනුවය.
“හංසයා” ලකුණින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩනැගෙන මෙම නව ජාතික දේශපාලන ව්‍යාපාරයේ අරමුණ සහ ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මහ සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් ද සිවිල් සංවිධාන ද බහු ජන ව්‍යාපාර ද මේ වන විටත් දැනුම්වත් කරමින් සිටින අතර ඒ ඔස්සේ එම බලවේග ද මේ පෙරමුණ වටා එකට ඒකරාශී කර ගැනීමට අපේක්ෂා කෙරේ.ඊට අමතරව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ,නායකයින් සහ පුද්ගලයින් ගණනාවක් සමග ද මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ.
පාක්ෂිකයින් ඇතුළු ජනතාවගේ අවශ්‍යතා,ප්‍රශ්න සහ හද ගැස්ම හඳුනා ගත හැකි සියලු දෙනාට යුක්තිය සහ සාධාරණතත්වය ඉටු කරමින් සියල්ලන් අතරමං නොකර රැක බලා ගන්නා ජනතාවාදී,දේශප්‍රේමීත්වයෙන් සහ සමානාත්මතාවයෙන් යුතු ජාතික දේශපාලන ව්‍යාපාරයක් ලෙස මේ නව ජාතික දේශපාලන පෙරමුණ ගොඩනගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2