අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

18–19‍ වයස්වල දරුවන් එන්නත් කිරීම අදාළ පාසලේදී ම

18–19‍ වයස්වල දරුවන් එන්නත් කිරීම අදාළ පාසලේදී ම

පාසල් හැර ගොස් ඇති සිසුන් සඳහාත් විශේෂ වැඩපිළිවෙලක් (හේමන්ත තුසිත කුමාර) අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත. සිකුරාදා(08) පෙරවරුවේ…

පාසල් හැර ගොස් ඇති සිසුන් සඳහාත් විශේෂ වැඩපිළිවෙලක් 

(හේමන්ත තුසිත කුමාර)

අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත. සිකුරාදා(08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී එම තීරණයට එළඹ ඇත.

එමෙන්ම අදාළ වයස්වල දරුවන්ට ඉගෙනුම ලබන පාසලේදී ම එන්නත්කරණය කිරීමට සඳහා අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලා ඇත.

සෑම පාසලකදී ම සිදු කෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනු ලැබී ය. එම වයස් කාණ්ඩයේ පාසල් හැර ගිය දරුවන් එන්නත්කරණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මඟින් සිදු කෙරේ.

දැන්වීම

මේ වන විට වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් 100%ක්, 30ට වැඩි ජනගහණයෙන් 98%ක් එන්නත ලබා ගෙන ඇති බව අනාවරණය කෙරිණ. වයස් කාණ්ඩය 20-30 අතර එන්නත ලබා නො ගත් පිරිස කඩිනමින් එන්නත්කරණයට පියවර ගන්නා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

වයස 12 – 19 අතර වයස් කාණ්ඩයේ සංජනනීය දරුවන් දසදහසකට අධික පිරිසකට මේ වන විට එන්නත ලබා දී තිබේ. දිවයිනේ සියලු රෝහල් සායනවලදී එම කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු සඳහන් කළහ.එන්නත්කරණය සාර්ථක කර ගැනීමට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලු ම පාර්ශ්වයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්තූතිය පළ කළේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
18–19‍ වයස්වල දරුවන් එන්නත් කිරීම අදාළ පාසලේදී ම | Lanka Newsweek