113 නැතිව “අතයි-පොහොට්ටුවයි”අර්බුදයක..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මන්ත්‍රීවරුන් පිරිසක් පොල්ල තියලා..! අතුරලියේ රතන-විජේදාස රාජපක්ෂ-චතුර සේනාරත්න මෙහෙයුමක (උපුල් බණ්ඩාර) අගමැතිවරයා මාරු කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතරය සොයා ගැනීමට ශ්‍රී…
මන්ත්‍රීවරුන් පිරිසක් පොල්ල තියලා..!
අතුරලියේ රතන-විජේදාස රාජපක්ෂ-චතුර සේනාරත්න මෙහෙයුමක
(උපුල් බණ්ඩාර)
අගමැතිවරයා මාරු කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතරය සොයා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවමත් නොහැකි වී තිබේ. මේ බව එම කණ්ඩායම අද (16) දහවල් වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දී ඇතත් කෙසේ හෝ මන්ත්‍රී ආසන 113ක බහුතරය සොයා ගැනීම සඳහා තවත් දේශපාලන මෙහෙයුමක් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේම මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ,චතුර සේනාරත්න සහ අතුරලියේ රතන යන අය කොළඹ විශේෂ ස්ථානයකදී මේ වන විට දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරමින් සිටිති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 96 සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පල්ෂාවලින් මන්ත්‍රීවරුන් 17ක් එකතු කර ගෙන පාර්ලිමේන්තුවේ 113ක බහුතරය පෙන්වීමට මේ අය මුලින් සැලසුම් කර තිබුණත් මේ වන විට ඒ සැලසුම් සියල්ල ව්‍යර්ථ වී තිබේ. ඊට හේතු වී තිබෙන්නේ අගමැතිවරයා මාරු කර අලුත් ආණ්ඩුවක් ඇති කිරීමට සිය පූර්ණ සහය ලබා දෙන බවට අදාළ මන්ත්‍රීවරුන් මුලින් මේ කණ්ඩායම් දෙකටම සහතික වී සිටියත් අවසන් මොහොතේ ඒ අය උපක්‍රමිකව මේ කණ්ඩායම් දෙක මග හැර සිටීම බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය මේ වන විට දැඩි අසීරු තාවයකට වගේම අර්බුදයකට මැදි වී සිටින අතර කලින් සැලසුම් කළ පරිදි අද (16) සවස් වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 113ක බහුතරය පෙන්වීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 113ක බහුතරය සොයා ගැනීම සඳහා මේ කණ්ඩායම බොහෝ මන්ත්‍රීවරුන්ට මුදලින් ලංසු තබා ඇති අතර විවිධ වරප්‍රසාද ද පොරොන්දු වී තිබේ.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1