අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

113න් බැහැ..!

මැතිවරණ ප්‍රචාරයට පාර්ලිමේන්තුවත් යොදා ගත්තා..!

අගමැති ඉවත් කිරීමට හෝ නව අගමැතිවරයකු පත් කිරීමට බැහැ එකම විකල්පය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම..? (සුජිත් මංගල ද සිල්වා) උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ කිනම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක්…

අගමැති ඉවත් කිරීමට හෝ නව අගමැතිවරයකු පත් කිරීමට බැහැ

එකම විකල්පය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම..?

113න් බැහැ..!

(සුජිත් මංගල ද සිල්වා)

උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ කිනම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 113 ට වැඩි බහුතරයක් තිබෙන බව දිවුරුම් ප්‍රකාශ මගින් තහවුරු කළත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව වර්තමානයේ සිටින සිටින අගමැතිවරයා ධූරයෙන් පහ කිරීමට හෝ එසේ කර නව අගමැතිවරයකු පත් කිරීමට හැකියාවක් නැතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.

වත්මන් අගමැතිවරයා එම ධූරය දරනුයේ 2015 අගෝස්තු මාසයේ පැවති මහා මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ සිය බහුතරය පෙන්වමින් යැයි ද මුල් අවස්ථාවේදී එසේ බහුතරය පෙන්වීමෙන් පසුව මාසික යළි යළිත් සිය බහුතරය පෙන්වීමට අගමැතිවරයකුට අවශ්‍ය නොවන බව ද පෙන්වා දුන් නීති විශාරදයෝ අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ සාතිශය බහුතරය ප්‍රශ්න කරමින් අභියෝගයට ලක් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ක්‍රියාදාමයන්වලදී පමණ යැයි ද අවධාරණය කළහ.

දැන්වීම

ඒ අනුව යම් දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක පුද්ගලයකු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 113 ට වැඩි බහුතරයක් පෙන්නුවා කියා ඔහු අගමැති ධූරයට පත් කර ඒ අයගේ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කිරීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලයක් නැතැයි නීතීඥ එස් ජී පුංචිහේවා මහතා පැවසීය.

එමෙන්ම පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයක් මත රටක අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුවක් මාරු කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ එස් ජී පුංචිහේවා මහතා උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ වත්මන් අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු හෝ ඔහු අස් කළ යුතු නැතැයි ද සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ඡන්දය දුන්නේ අගමැති ප්‍රධාන ආණ්ඩුව මාරු කිරීමට හෝ ජනාධිපතිවරයා ගෙදර යා  යුතු යැයි කියා හෝ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළ යුතු යැයි කියා හෝ නොව සාමුහික,ඒකමතික සහ සමගියෙන් තොර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් ක්‍රියාකලාපයට වගේම ජීවන ප්‍රශ්නවලට එරෙහිව යැයි  ද නීතීඥ එස් ජී පුංචිහේවා මහතා වගේම අධි නීතීඥ ලාල් විජේනායක මහතා අවධාරණය කළහ.

ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැති ධුරයට යෝජනා කරන නිමල් සිරිපාල ද සිල්වා ඊට සුදුසු දැයි ප්‍රශ්න කළ එස් ජී පුංචිහේවා සහ ලල් විජේනායක යන මහත්වරුන් රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයට රැගෙන යාමට නම් ජාත්‍යන්තර සබඳතා,අත්දැකීම්,පළපුරුද්ද සහ දැනුම තිබෙන පුද්ගලයකු අගමැති ධූරයේ සිටිය යුතු යැයි ද වැඩිදුරටත් අවධාරණය කළහ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණොත් කළ හැක්කේ බහුතරය පෙන්වන ඒ ඒ සියලු දේශපාලන පක්ෂ,කණ්ඩායම් සහ පුද්ගලයින් සමග සාකච්ඡා කර ඒ අය මාර්ගයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව යෝජනාවක් ඉදිරිපත් කර එම යෝජනාව 2/3 බහුතරයෙන් සම්මත කර පාර්ලිමේන්තු මැතිවරණයකට යාම පමණක් බව ද එම විද්වත්හූ පෙන්වා දුන්හ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
113න් බැහැ..! | Lanka Newsweek