අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ෆීල්ඩ් මාර්ෂල්ගේ ගුණමකුකම් ගැන එස් එම් මරික්කාර් හෙළි කරයි

ෆීල්ඩ් මාර්ෂල්ගේ ගුණමකුකම් ගැන එස් එම් මරික්කාර් හෙළි කරයි

ෆීල්ඩ් මාර්ෂල් සිදු කරන්නේ ජනපතිගේ කොන්ත්‍රාත්තුවක් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක් යැයි එම පක්ෂයේ කොළඹ…

ෆීල්ඩ් මාර්ෂල් සිදු කරන්නේ ජනපතිගේ කොන්ත්‍රාත්තුවක් 

ෆීල්ඩ් මාර්ෂල්ගේ ගුණමකුකම් ගැන එස් එම් මරික්කාර් හෙළි කරයි

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක් යැයි එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මර්ක්කාර් මහතා චෝදනා කර සිටියි.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව කියා සිටියේ, කොළඹ, වැල්ලම්පිටිය, වඩුගොඩවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

දැන්වීම

"සරත් ෆොන්සේකා මහතා තමාට යුද හමුදාපතිකම දුන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි වුණා. යුද්ධය ජයග්‍රහණය කළාට පසුව එම ජය සමරා ඔහුට කේක් කවා තෑගීබෝග ඇතුළු වරප්‍රසාද දුන් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වුණා. ඊට පසුව ඔහුට ෆීල්ඩ් මාර්ෂල්කම දුන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි වුණා. ඊටත් පසුව දේශපාලන වශයෙන් අනාථ වී සිටිය දී ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඇමතිකමක් දුන් රනිල් වික්‍රමසිංහ මහතාටත් විරුද්ධ වුණා. 

මේ අනුව සරත් ෆොන්සේකා මහතාට සමගි ජන බලවේගයේ සභාපතිකම දුන් අවස්ථාවේ දී ඔහු කවදා හෝ සජිත් ප්‍රේමදාස මහතාටත් එරෙහි වේවි කියා මම එදා සිතුවා. ඒ වගේම සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස මහතාටත් මේ වන විට එරෙහි වී තිබෙනවා.

2015 දී සරත් ෆොන්සේකා මහතා පරාජයට පත් වුණේ මේ ආකාරයෙන්ම තනිවම ගිහිල්ලයි. ඉදිරි මහා මැතිවරණයෙන් ජය ගැනීමට නොහැකි බව දන්නා නිසා සරත් ෆොන්සේකා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක් ගෙන ක්‍රියා කරන බව පැහැදිළියි."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ෆීල්ඩ් මාර්ෂල්ගේ ගුණමකුකම් ගැන එස් එම් මරික්කාර් හෙළි කරයි | Lanka Newsweek