අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ෆීල්ඩ් මාර්ෂල්ගේ කෝටි ගණනක විදේශ මුදල් තොගයම නිදහස් කර ගැනීමට අවසර දී ලා

ෆීල්ඩ් මාර්ෂල්ගේ කෝටි ගණනක විදේශ මුදල් තොගයම නිදහස් කර ගැනීමට අවසර දී ලා

අවුරුදු විසි හතරකට පසු මුදල් අමාත්‍යංශය හදිසියේම ගත් තීරණයක් ඩොලර් 527000ක්-පවුම් 100ක් විශාල මුදලක් කාවෝ සහ වේයෝ කාලා ලක්ෂ 500ක් පාවිච්චි කළ හැකියි ඉතිරි මුදල ලබා දෙන්නැයි ෆීල්ඩ් මාර්ෂල් මුදල්…


 
අවුරුදු විසි හතරකට පසු මුදල් අමාත්‍යංශය හදිසියේම ගත් තීරණයක් 

ඩොලර් 527000ක්-පවුම් 100ක් 

විශාල මුදලක් කාවෝ සහ වේයෝ කාලා 

ලක්ෂ 500ක් පාවිච්චි කළ හැකියි 

ඉතිරි මුදල ලබා දෙන්නැයි ෆීල්ඩ් මාර්ෂල් මුදල් අමාත්‍යංශයෙන් ලිඛිතව ඉල්ලයි 

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2010 ජනාධිපතිවරණයට තරඟ කරන අවස්ථාවේ දී, ජනපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පරිත්‍යාග වශයෙන් ඔහුට ලැබුණු ඇමෙරිකානු ඩොලර් 527,000ක් සහ ස්ටර්ලින් පවුම් 100ක් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය අවසර දී ඇති බව "The Sunday Times" පුවත්පත හෙළිදරව් කර සිටියි. 

එම මුදල් පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කර තැබීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එවකට පියවර ගෙන තිබූ අතර පසුව එම මුදල් අත්හිටුවීමට පියවර ගෙන තිබිණ. එදා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කර සිටියේ, එම මුදල සිය දියණියගේ සැමියාගේ මවට තාවකාලිකව රඳවා තබා ගැනීම සඳහා ලබා දී තිබූ බවකි.

අනතුරුව මේ සිද්ධියට අදාළව ඇයට එරෙහිව මහාධිකරණයේ ගොනු කර තිබූ නඩුවට පෙනී සිටිමින් විනිමය පාලන පනත යටතේ තමා වරදක් කර ඇති බව පිළි ගෙන එම මුදල් සරත් ෆොන්සේකා මහතාගේ බවට නීතිපතිවරයාට සහ අධිකරණයට දැනුම් දීමට ඇය පියවර ගත් අතර එම මුදලට හිමිකම් කියමින් ෆීල්ඩ් මාර්ෂල්වරයා ද අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තබිණ. 

දැන්වීම

මෙම විදේශ මුදල් තොගය මුදල් නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ගත යුත්තේ මුදල් අමාත්‍යාංශය බව මහාධිකරණය තීන්දු කර තිබිණ. එම තීන්දුවට අනුව එදා සිට මේ දක්වා වූ අවුරුදු විසි හතරක කාලයේ දී එම මුදල් සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් නොගත් මුදල් අමාත්‍යංශය එම මුදල් ආපසු ගැනීමට සරත් ෆොන්සේකා මහතාට හදිසියේම අවසර දී ඇත. 

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා කොළඹ තිඹිරිගස්යායේ පිහිටි අදාළ පෞද්ගලික බැංකු ශාඛාව වෙත ගොස් එම මුදල් ලබා ගැනීම සඳහා සේප්පුව විවෘත කර ඇති අතර එහිදී දැක ගැනීමට හැකිව තිබෙන්නේ එහි තිබූ මුදල්වලින් විශාල ප්‍රමාණයක්  වේයන් සහ කාවන් කා විනාශ කර ඇති බවය. බොහෝ විදේශ මුදල් නෝට්ටු බොහෝ දුරට වියැකී ගොස් හෝ දුර්වර්ණ වී තිබී ඇති අතර සමහර නෝට්ටු වර්තමානයේ සංසරණයේ නොවන බව ද හෙළි වී ඇත.

කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 500ක පමණ මුදලක් ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයේ තිබී ඇති අතර තමාට අහිමි වූ මුදල් ප්‍රමාණය යළි ලබා දීමට කටයුතු කරන ලෙස සරත් ෆොන්සේකා මහතා මුදල් අමාත්‍යාංශයට ලිඛිත දැනුම් දීමක් සිදු කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ෆීල්ඩ් මාර්ෂල්ගේ කෝටි ගණනක විදේශ මුදල් තොගයම නිදහස් කර ගැනීමට අවසර දී ලා | Lanka Newsweek