ෆීල්ඩ් මාර්ෂල්ගේ ඇමැතිකමට තට්ටු වුණු හැටි හෙළිවෙයි..?

සරත් ෆොන්සේකා ගැන මහින්ද චීනයට ගතු කියලා..! (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් සංශෝධනය යටතේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් නොකර ඇත්තේ චීන රජයේ බලධාරීන් ශ්‍රී…
සරත් ෆොන්සේකා ගැන මහින්ද චීනයට ගතු කියලා..!
(සුජිත් මංගල ද සිල්වා)
කැබිනට් සංශෝධනය යටතේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් නොකර ඇත්තේ චීන රජයේ බලධාරීන් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මාර්ගයෙන් ශ්‍රී ලංකා රජයෙන් කර ඇති විශේෂ ඉල්ලීමකට අනුවය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති cheng xueyuan මහතා ශ්‍රී ලංකා රජයේ ප්‍රබලයින් හමුවේ පෙන්වා දී ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරයට පත් වුණොත් දේශපාලන වශයෙන් ඇතැම් පිරිසකගෙන් පලිගැනීමට ඉඩ තිබෙන බවට වන සාධාරණ සැකයක් විපක්ෂ ක්‍රියාකාරීන් අතර පවතින බවය.
ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග “lankanewsweek’ වෙත තහවුරු කර සිටියේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරයට පත් වුණොත් සිය පවුලෙන් දේශපාලන වශයෙන් පළිගැනීමට ඉඩ තිබෙන බවට චීන රජයට කරුණු දක්වමින් ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් මැදිහත් වන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන නායකයින් චීන බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බවය.