ෆීල්ඩ් මාර්ෂල්ගෙන් ජනපතිට දැඩි අවවාදයක්

ගෝඨාභය වහාම රට වසනු..! COVID මරණ සංඛ්‍යාව ඉලක්කම් තුනෙන් නවතා ගනිමු විශේෂඥ වෛද්‍ය උපදෙස් පිළි ගනු උද්ධච්ඡකම අත හරිනු (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගතයේ මරණයට පත් වන රටේ අහිංසක ජනතාවගේ ජීවිත බේරා…
ගෝඨාභය වහාම රට වසනු..!
COVID මරණ සංඛ්‍යාව ඉලක්කම් තුනෙන් නවතා ගනිමු
විශේෂඥ වෛද්‍ය උපදෙස් පිළි ගනු
උද්ධච්ඡකම අත හරිනු
(සුජිත් මංගල ද සිල්වා)
COVID-19 වසංගතයේ මරණයට පත් වන රටේ අහිංසක ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අවම වශයෙන් සති දෙකකටවත් රට සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටියි.
COVID-19 වසංගත මරණ සංඛ්‍යාව ඉලක්කම් තුනෙන් නතර කර ගැනීමට නම් විශේඥ වෛද්‍ය උපදෙස් මත වහාම ක්‍රියාත්මක වන පරිදි එසේ රට වසා දැමිය යුතු යැයි ද ඔහු කියා සිටියි.
දැන්වීම
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ බව අවධාරණය කර සිටින්නේ සිය නිල "facebook" පිටුවේ විශේෂ සටහනක් තබමින් වන අතර එම සටහන මෙසේය.
ගෝඨාභය, දැන්ම රට වහන්න..! දිනක මරණ ඉලක්කම් තුනෙන් නවතා ගමු. ඔබේ උද්දච්ච ක්‍රියා කලාපය නිසා ඩෙල්ටා ප්‍රභේදය දැන් ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස ගිල ගෙන තිබෙනවා. සැප්තැම්බරයේ දිනකට ඉලක්‌කම් 4ක මරණ රට නොවැසීමේ ප්‍රතිඵල මත අත්විඳිය හැකි බව වෛද්‍ය විශේෂඥන් අනතුරු අඟවා තිබෙනවා. ඒ නිසා අවම සති දෙකකටවත් වහාම රට වසා දමන්න. pfizer-moderna වැනි ශක්තිමත් එන්නතක් පමණක් තෙවන මාත්‍රාව ලෙස ජනතාවට ලබා දීමට දැන්ම සැලසුම් සකස් කරන්න. -ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා-
