අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ෆ්‍රැන්සිස් පාප් තුමාගේ ශල්‍යකර්මය

ෆ්‍රැන්සිස් පාප් තුමාගේ ශල්‍යකර්මය

(හේමන්ත තුසිත කුමාර) වතිකාන ප්‍රකාශක Matteo Bruni ගේ ප්‍රකාශයක් අනුව, පාප්තුමාගේ බඩවැලේ අඩක් ඉවත් කිරීම සඳහා ඉරිදා(04) කරන ලද සැත්කමෙන් පසු උන්වහන්සේ හට යහපත් ප්‍රතිඵල ලැබුණු බව තොරතුරු වාර්තා විය.…

(හේමන්ත තුසිත කුමාර) 

වතිකාන ප්‍රකාශක Matteo Bruni ගේ ප්‍රකාශයක් අනුව, පාප්තුමාගේ බඩවැලේ අඩක් ඉවත් කිරීම සඳහා ඉරිදා(04) කරන ලද  සැත්කමෙන් පසු උන්වහන්සේ හට යහපත් ප්‍රතිඵල ලැබුණු බව තොරතුරු වාර්තා විය.

“ශුද්ධවූ පාප්තුමා රාත්‍රියේදී හොඳින් විවේක ගත්තා.අද උදේ උන්වහන්සේගේ උදේ ආහාරය ගත්තා, පුවත්පත් කිහිපයක් කියවා නැගිටලා ඇවිද්දා . යනුවෙන් Matteo Bruni පැවසීය.

84 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ  ඉරිදා(04) පැය තුනක ශල්‍යකර්මයකට භාජනය කළ අතර වතිකානය  පැවසුවේ වෛද්‍යවරු ඔහුගේ බඩවැලේ වම් පැත්තේ කොටසක් ඉවත් කළ බවයි.

ආසාදනයක් හේතුවෙන් තරුණ අවධියේදී එක් පෙණහලුවක ඉහළ කොටස අහිමි වුවද ෆ්‍රැන්සිස් පාප් තුමා සාපේක්ෂව හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුත් පුද්ගලයෙකු විය . උන්වහන්සේ sciatica නම් රෝගයෙන්ද පීඩා විඳියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ෆ්‍රැන්සිස් පාප් තුමාගේ ශල්‍යකර්මය | Lanka Newsweek