හොර සල්ලි අච්චු ගැසූ 5ක් අත්අඩංගුවට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මොරටුව ලුනාව ප්‍රදේශයේදී නිවසක් තුළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. මිරිහාන පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බව පොලිසිය සඳහන් කරයි.…
මොරටුව ලුනාව ප්‍රදේශයේදී නිවසක් තුළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.
මිරිහාන පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බව පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී සැකකරුවන් ළග තිබී රුපියල් 5000 යේ ව්‍යාජ මුදල් නෝට්ටු 15ක්, ලැප්ටොප් පරිගණකයක්, ස්කෑන් යන්ත්‍රයක් ,ප්‍රින්ටරයක්,යතුරුලියනයක් සහ ව්‍යාජ රබර් මුද්‍රා කිහිපයක් සමග සැකකරුවන් 5 දෙනෙක්ද එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් ලුනාව, කොරලවැල්ල, එගොඩඋයන , සහ අඟුලාන ප්‍රදේශවල පදිංචි 39, 41,33 සහ 37 හැවිරිදි වියේ පුද්ගලයින් වේ.
ව්‍යාජ මුදල් වලට අමතරව මෙම සැකකරුවන් විසින් ව්‍යාජ රාජ්‍ය සහතිකපත්, අධ්‍යාපන සහතික පත්ද මුද්‍රණය කර තිබෙන බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1