අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා

හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා

‘‘හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා’’ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.තංගල්ලේ[19] වැනිදා පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රථම රැලියේ දී මේ බව කී ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය. සමහරු අහනවා හොරු…


‘‘හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා’’ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.තංගල්ලේ[19] වැනිදා පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රථම රැලියේ දී මේ බව කී ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

සමහරු අහනවා හොරු ඇල්ලුවාද කියලා. හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා. ෆයිල් 400 ගණනක් තිබෙනවා. සියල්ලම වසා දමා තිබෙන්නේ. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ හිරවෙලා තිබෙනවා. සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිරවෙලා තිබෙනවා. සමහර ඒවා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තුළ හිරවී තිබෙනවා. සමහර ඒවා පැමිණිල්ලකට පමණක් සීමා වී තිබෙනවා. අපි අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී තිබෙනවා, සියල්ල යළි විවෘත කරන්නත්, ක්‍රමානුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ දියත් කරන්නත්. 2015 වංචනිකයන්ට, දූෂණයන්ට එරෙහි පරීක්ෂණ ප්‍රදර්ශනාත්මක වැඩ බවට පරිවර්තනය වුණා.

ජාතික ජන බලවේගයේ අපි ඉතා සැලසුම් සහගතව, සෑම දත්තයක්ම නිසි පරිදි ඉටුකර ගනිමින්, නිසි පරිදි අධිකරණයේදී දඬුවම් ලබාදිය හැකිවන ආකාරයට නඩුව ගොනුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. දූෂිතයන්ට හා වංචනිකයන්ට දඬුවම් ලබාදිය යුතු බවට, මේ රටේ ජනතාවගේ අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් තිබුණා. එම අපේක්ෂාව ඉටුකරන එක තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කාර්යය. එපමණක් නොවෙයි, අපේ රටට අහිතකර ගිවිසුම් අත්සන් කොට තිබුණා. ඒ ගිවිසුම්වල අනෙක් පාර්ශ්වයන්ට අපි දැනුම් දී තිබෙනවා, මේ ගිවිසුම් යළි සමාලෝචනය කිරීම අවශ්‍ය බව. එම කාර්යයන් කරන්න නම්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ශක්තිමත් ජන වරමක් තිබෙන බව සියලු දෙනාට ඒත්තු ගැන්විය යුතුයි. අපට හිතකර පරිදි එම ව්‍යාපෘති වෙනස් කිරීම සඳහා, සාකච්ඡාවල, ගිවිසුම්වල යළි සංශෝධනය සඳහා අවස්ථා ලැබෙන්නේ මොනතරම් ප්‍රමාණයකින් ජනතාව ඒ සඳහා ජනවරමක් දෙනවාද කියන සාධකය මතයි. ඔබ ඒ ජනවරම ලබාදිය යුතුයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා | Lanka Newsweek