හොරුන්ට ජනාධිපතිගෙන් සමාවක් නැහැ

(ජයකාන්ත ලියනගේ ) ජනතාවගේ මුදල් ගසා කෑ අයට ජනාධිපතිවරයාගෙන් නම් කිසිම සමාවක් ලැබෙන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර සහ ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ…
(ජයකාන්ත ලියනගේ )
ජනතාවගේ මුදල් ගසා කෑ අයට ජනාධිපතිවරයාගෙන් නම් කිසිම සමාවක් ලැබෙන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර සහ ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ගාල්ල බළපිටිය ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින අපේක්ෂක අපේක්ෂ්කවන්ට අධාර පිණිස බළපිටිය බස්නැවතුම් පොළේදී පැවති ජනහමුවක් අමතමිනි.
දැන්වීම
මහින්ද අමරවීර මහතා මෙසේද කීය.
බැදුම්කර කොමිසමේ සැර බාල කරන්න තව කොමිසමක් පත් කිරීමට යනවා කියල ඇතැම් අය චෝදනා කරනවා.කුමක් වුණත් ජනතාවගේ මුදල් ගසා කෑ කිසිවකුට මේ ජනාධිපතිවරයාගෙන් නම් සමාවක් නැහැ.එසේ නොවුණොත් ජනතාව නීතිය අතට ගන්නවා නියතයි.
කවුරු කුමක් කියා සිටියත් ජනාධිපතිවරණයක් මෑතක නොමැති අතර 2021 දක්වා අපේ ජනාධිපති සිටිනවා වගේම 2020 සැප්තැම්බර් දක්වා අපේ ආණ්ඩුව තිබෙනවා.ඒ වගේම 2019 අවසානය දක්වාම දකුණු පළාත් සභාවත් තිබෙනවා නිසා ජනාධිපතිගේත් ඇමතිවරුන්ගේත් පළාත් සභාවේ ඇමතිවරුන්ගෙත් හයිය ගෙන වැඩ කරන්න පුලූවන් මන්ත‍්‍රීවරුන් පිරිසක් පත් කළ යුතුයි.
රටේ පිරිසිදුම නායකයා බවට ජනාධිපතිතුමා පත් වී තිබෙනවා. එතුමා රට ගැනයි ජනතාව ගැනයි හිතන්නෙ. ජනාධිපතිතුමා කඩුව පාවිච්චි කරන්නෙ ජනතාව සහ රට වෙනුවෙන්. එතුමා හිර බත් කෑවෙ හොරකම්කරල නොව දේශපාලනය කරලයි. හිටපු ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයට බාර දුන්නා මිස බලෙන් ගත්තා නොවෙයි. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට, වගේම රටේ ජනාධිපති හැටියට රට ඉදිරියට ගෙන යන්න බය නැතුව තීන්දු තීරණ ගන්නවා.
අගමැතිතුමාට සහ ඇමතිවරුන්ට චෝදනා එල්ල වුණාම ඒ අයට ජනාධිපති කොමිෂන් ඉදිරියට යන්න ඉඩ දුන්නා. ජනාධිපතිතුමා ඇමතිවරුන්ට කියල තිබෙන්නේ හොරකමෙදී යාලූකම් බලන්නෙ නැතුව දඩුවම් දෙන බවයි.
බැඳුම්කරයෙන් හොරකම් කළ මුදල් භාණ්ඩාගාරයට ගන්න ජනාධිපතිතුමා කටයුතු කරනවා. මේ වගේ නායකයෙක් යටතෙයි, අපි ඇමතිකම් දරන්නේ. මේ වගේ අභියෝගවලට මුහුණ දුන් ජනාධිපතිවරයෙක් බිහිවෙලා නැහැ.