අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු තව දුරටත් රිමාන්ඩ්

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු තව දුරටත් රිමාන්ඩ්

(ජයකාන්ත ලියනගේ ) ගෙවල් බිඳුම් 05 කට සම්බන්ධ, හෙරොයින් මිලිග‍්‍රෑම් 2780 ක්ද සමග මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් වලට අදාල රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් 2017…

(ජයකාන්ත ලියනගේ )

ගෙවල් බිඳුම් 05 කට සම්බන්ධ, හෙරොයින් මිලිග‍්‍රෑම් 2780 ක්ද සමග මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් වලට අදාල රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් 2017 නොවැම්බර් මස 23 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය සිකුරාදා (10)නියෝග කළාය.

සැකකරු ගෙවල් බිඳුම් 05 ට අදාලව එක් නඩුවකට මුදල් රුපියල් 15,000/- ක් හා රුපියල් ලක්ෂය (1,00000/-) බැගින් ශරීර ඇප 02 ක් බැගින් නඩු 05 ට මුදල් රුපියල් 75,000/- ක් හා රුපියල් ලක්ෂය (1,00000/-)බැගින් ශරීර ඇප 10 ක් මත මුදාහැරීමටද මහේස්ත‍්‍රාත්තුමිය මීට පෙර නියෝග කර තිබේ.

දැන්වීම

මෙසේ හෙරොයින් ලග තබා ගැනීමට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මනෝජ්වත්ත, හල්පාතොට, බද්දේගම ලිපිනයේ පදිංචි ලේකම්වසම් ලියනගේ ටෙරන්ස් කුමාර (33) නැමැති අයයි.

මීටියාගොඩ පොලීසියේ පොලිස් පරීක්ෂක ගුණතිලක මහතාට ලැබුණ තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් තොගය සොයාගෙන තිබේ. පසුව කරන ලද පොලිස් පරීක්ෂණවලදී සැකකරු වේරගොඩ, ලෙව්ව, ගල්ව, මීටියාගොඩ හා බේරතුඩුව ප‍්‍රදේශයන්හි කරන ලද සොරකම් පහකට සම්බන්ධ බවටද තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු තව දුරටත් රිමාන්ඩ් | Lanka Newsweek