අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හෙද ඉල්ලීම් 7න් 5කටම ජනපතිගෙන් විසඳුම්

හෙද ඉල්ලීම් 7න් 5කටම ජනපතිගෙන් විසඳුම්

((හේමන්ත තුසිත කුමාර) රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අද (02) පස්වරුවේ විසඳුම් ලබා දුන්නේය.සෙසු ඉල්ලීම් දෙකට ඉදිරි අය වැයෙන්…

((හේමන්ත තුසිත කුමාර)

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අද (02) පස්වරුවේ විසඳුම් ලබා දුන්නේය.සෙසු ඉල්ලීම් දෙකට ඉදිරි අය වැයෙන් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇත. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම තීරණවලට එළඹ ඇත.

ඒ අනුව හෙද සරසවිය ආරම්භ කිරීම, යහපාලන රජය සමයේ අත්හිටුවූ මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම, අත්හිටුවා ඇති  3 ශ්‍රේණියෙන් 2 ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා 2 ශ්‍රේණියෙන් 1 ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම, රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම සහ දැනට පැය 36 ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30 ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම යන ඉල්ලීම් පහ වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

රුපියල් දසදහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් සියයට එකක අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් එකඟතාව පළ කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හෙද ඉල්ලීම් 7න් 5කටම ජනපතිගෙන් විසඳුම් | Lanka Newsweek