හෙණ්ඩුව නොමැතිව “අලියට” කර ගහන්න රනිල් ඇත්ගොවුවෙක් හොයයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පසු පෙළ මන්ත්‍රීවරු නායකත්වයේ වෙනසක් ඉල්ලති..! රනිල් වික්‍රමසිංහ අවුරුදු 24ක් තිස්සේ පක්ෂ නායකත්වයේ..! (උපුල් බණ්ඩාර) මහා මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ…
පසු පෙළ මන්ත්‍රීවරු නායකත්වයේ වෙනසක් ඉල්ලති..!
රනිල් වික්‍රමසිංහ අවුරුදු 24ක් තිස්සේ පක්ෂ නායකත්වයේ..!
(උපුල් බණ්ඩාර)
මහා මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ පුළුල් සහ ගැඹුරු සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,කතානායක කරු ජයසූරිය,එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස,උප නායක රවී කරුණානායක හෝ ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන්ගේ නම් කරළියට පැමිණ ඇත.
මෙහිදී ප්රශ්නය වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයත් සමග පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වය හිමි වනවා නම් ඒ අවස්ථාව හිමි වන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පමණක්වීමය.
එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග “lankanewsweek” සමග හෙළි කළේ ඉහත නායකයින් අතරින් කවුරුන් හෝ අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වය භාර ගැනීමට සුදානම් වුණත් රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඔහුට භාරදීමට සුදානම් නොමැති බවය.
එක්සත් ජාතික පක්ෂයේ බහුතරයේ ස්ථාවරය වී තිබෙන්නේ කිසිදු අගමැති අපේක්ෂකයෙකුට සිය අභිමතය පරිදි තීන්දු තීරණ ගනිමින් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යා නොහැකි බවය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ වගේම පසු පෙළ මන්ත්‍රීවරුන් කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වී අලුත් නායකයෙකුට අවස්ථාව දිය යුතු බවය.
මේ අතර කොළඹදී ඉරිදා (11) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙසේ පැවසීය.
“රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු විසි හතරක් මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස සිටිනවා.ජනතාව නායකත්වයේ වෙනසක් ඉල්ලා සිටින අතර ජයග්‍රහණය කිරීමට නම් ජනතාගේ ඒ හඬට ඇහුම්කන් දිය යුතුයි.
පරාජයට පත් වී විපක්ෂයේ සිටීමට අවශ්‍ය නම් ජනතා හඬට ඇහුම්කන් නොදී සිටිය හැකි අතර ජය ගැනීමට නම් ජනතා ඉල්ලුමට සරිලන දේ දිය යුතුයි.රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වනවා නම් ඊට සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බව පාක්ෂිකයින් කියනවා.”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
