හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) අවම බස් ගාස්තුව රුපියල් 15 ක් කළ යුතු බවට සහ සියයට 20 කින් බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා හෙට (16) මධ්‍යම රාත්‍රියේ සිට සිය සංගමය ද වර්ජනයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස්…
(නිලන්ති චන්ද්‍රසේන)
අවම බස් ගාස්තුව රුපියල් 15 ක් කළ යුතු බවට සහ සියයට 20 කින් බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා හෙට (16) මධ්‍යම රාත්‍රියේ සිට සිය සංගමය ද වර්ජනයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි.
රජය විසින් වැඩි කළ සියයට 6.56ක බස් ගාස්තු වැඩි කිරීමට සිය සංගමය එකග නොවන බව එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් ඉල්ලුම් කළ බස් ගාස්තු නොලැබීම හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1