අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හෙට ජාතික ශෝක දිනයක්..!

මියගිය සියලුම දෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින්..!

හෙට(23) ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැත් වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ. තවද අද (22) රාත්‍රී…

හෙට(23) ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැත් වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.

තවද අද (22) රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ  ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක්  ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ.

දැන්වීම

මෙම පියවර ගෙන ඇත්තේ, රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් වෙනුවෙනුයි. තවද ඊයේ (21) සිදු වූ ත්‍රස්ත්‍ර ක්‍රියාවට ඍජුව හෝ වක්‍රවසම්බන්ධ සංවිධාන, ඊට අදාළව අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් සහ අනුබල දුන් තවත් බලවේග ඇත්නම් එකී සියලූ විනාශකාරී බලවේග සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පිළිබඳව මෙහිදී ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කළ ඇති බව ද වාර්තා වේ.තවද  ජනාධිපතිවරයා පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට උපදෙස් සියලුම ත්‍රස්ත්‍ර ක්‍රියා විනාශ කිරීමට පුර්ණ බලතල ලබා දී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී  ශ්‍රී ලංකාවේ සිටින සියලූ විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට අපේක්ෂා කරන අතර එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට ද නියමිතයි.

මෙම දේශීය ත්‍රස්ත්‍රවාදීන්ගේ පිටුපස සිටින ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන පිළිබඳ බුද්ධි අංශ කරුණු අනාවරණය කර ඇති අතර ඔවුන් මර්දනය කිරීම සඳහා මෙලෙස ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හෙට ජාතික ශෝක දිනයක්..! | Lanka Newsweek