අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හෙට අනිද්දාට තවත් රුපියල් කෝටි ලක්ෂ තුනක ණයක් ගෙවන්න වෙලා

හෙට අනිද්දාට තවත් රුපියල් කෝටි ලක්ෂ තුනක ණයක් ගෙවන්න වෙලා

(සුජිත් මංගල ද සිල්වා) ඉදිරි කෙටි කාලය ඇතුළතදී රුපියල් කෝටි ලක්ෂ තුනක අති විශාල ණය මුදලක් විදේශ රට වලට ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙළිකර සිටීයි. අගමැති රනිල්…

(සුජිත් මංගල ද සිල්වා)

ඉදිරි කෙටි කාලය ඇතුළතදී රුපියල් කෝටි ලක්ෂ තුනක අති විශාල ණය මුදලක් විදේශ රට වලට ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙළිකර සිටීයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව හෙළිකළේ ශ්‍රී ලංකාවේ ණය බර තාවය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් සමග අරලිය ගහ මැදුරේදී පැවැත්වූ විශේෂ සාකච්චාවකදීය. ආසියානු කලාපයේ වැඩිම ණයබරතාවයක් තිබෙන රට වන්නේ ශ්‍රී ලංකාව බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැහැදිළි කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය "ශ්‍රී ලංකාවේ ණය බර ගැන අපි කතාකරනවා. ඒත් කලාපයේ වෙනත් රටවල් එක්ක සංසන්දනය කරල නැහැ. මම මේ ගැන අධ්‍යනය කළා. මේ කලාපයේ වැඩිම ණය බර ඇති රට ශ්‍රී ලංකාවයි. ඉදිරි කෙටි කාලය ඇතුලත අපට රුපියල් කෝටි ලක්ෂ 03ක් ගෙවන්න තියෙනවා. ආණ්ඩුව භාරගන්න විට භාණ්ඩාගාරය හිස්. ණය ගෙවීමට රටේ ආදායම මදිවෙලා තිබුණේ. ඒත් දැන් ආර්ථිකය හොඳ තැනකට ගේන්න අපි සමත් වී තිබෙනවා. පසුගිය රජය යටතේ සේවා ආර්ථිකය විතරයි යන්තමින් ඔළුව උස්සලා තිබුණේ. නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැටිලා තිබුණු නිසා අපනයන වැටුණා. ඒ නිසා රටට එන ආදායමත් බින්දුවට වැටිල තිබුණේ. එහෙම රටක් අපිමේ ගොඩගත්තේ. ආර්ථික හා වාර්ගික ගැටලු ඉතිරි නොකර මේ රටත් ජනතාවත් ගොඩගන්නවා" "නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය බව බුදුදහම ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් රැකලා අලුත් ඡන්ද ක්‍රමය අත්හදා බලලා ඒකත් රටටම ආදේශ කරනවාට  විරුද්ධ වෙන්න පුළුවන් කවුරුන්ටද?"
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හෙට අනිද්දාට තවත් රුපියල් කෝටි ලක්ෂ තුනක ණයක් ගෙවන්න වෙලා | Lanka Newsweek