“හුදු ප්‍රචාරයකින් තොරව ආණ්ඩුව නිහඬව සේවයක”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති මානෙල්) හුදු ප්‍රචාරවලට සීමා නොවී ජනතාව වෙනුවෙන් නිහඬව සුවිශාල සේවාවක් වත්මන් රජය සිදු කරමින් සිටින බව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඔහු මේ බව…
(නිලන්ති මානෙල්)
හුදු ප්‍රචාරවලට සීමා නොවී ජනතාව වෙනුවෙන් නිහඬව සුවිශාල සේවාවක් වත්මන් රජය සිදු කරමින් සිටින බව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ බිම් අගලක හිමිකමක් නොමැති ජනතාවට ඉඩම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කලාවැව මැතිවරණ කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු සහ බලපත්‍ර පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවයේදීය.
එහිදී අනුරාධපුර,රාජාංගනය,පදවිය සහ කැබතිගොල්ලෑව ප්‍රදේශයේ පවුල් 1500ක් සඳහා ඉඩම් බලපත්‍ර ලබා දුන් අතර බලපත්‍ර නොමැති විහාරස්ථාන කිහිපයක් සඳහා පූජා ඔප්පු පිරිනැමීම ද සිදු කෙරිණ.
වත්මන් රජය යටතේ සෑම සමාජ කොට්ඨාසයක්ම වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් කෙරෙන බව පෙන්වා දුන් ගයන්ත කරුණාතිලක මහතා එළෙඹෙන පළාත්සභා මැතිවරණය මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අතර එම මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට යෝජිත බව ද සඳහන් කළේය.
එම අවස්ථාවට වාරිමාර්ග සහ ජළ කළමණාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ළමා හා කාන්තා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය, අනුරාධපුර මහා දිසාපති, ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය ඇතුළු නිළධාරින් රැසක් එක්වූහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1