හින්දු කෝවිල්වල සත්ව බිලි පූජා තහනම්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකාවේ හින්දු කෝවිල්වල සත්ත්ව හා පක්ෂි බිලි පූජා නැවැත්විය යුතු බවට හින්දු කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවකට අද (11) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. හින්දු කෝවිල්වල පවත්වන බිලි පූජා…
ශ්‍රී ලංකාවේ හින්දු කෝවිල්වල සත්ත්ව හා පක්ෂි බිලි පූජා නැවැත්විය යුතු බවට හින්දු කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවකට අද (11) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
හින්දු කෝවිල්වල පවත්වන බිලි පූජා නැවත්වීම සඳහා නීති ගෙන එන බව අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා මීට අවුරුදු ගණනාවකට පෙරද ප්‍රකාශ කර තිබූ අතර මේ වනවිට එය අනුමත කර ගැනීමට හැකි වී තිබේ.
තව දුරටත් මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ "මේ නිතිය හින්දු ආගමවල කෝවිල්වලට පමණයි, වෙනත් ආගම සඳහා බලාත්මක නැහැ"යන්නයි. තවද සත්ව බිලිපුජා නොපවත්වා පූජා පැවැත්වීමට විකල්ප ක්‍රම තිබෙන බවද ප්‍රකාශ කර සිටියි.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා ප්‍රකාශ කර සිටින්නේ, සත්ත්ව සහ පක්ෂි බිලි පූජා තහනම් කිරීම් සඳහා නෛතික විධිවිධාන ස්ථාපිත කළ යුතු බවයි.
මේ යෝජනාවට අනුකුල නීති කෙටුම්පත් සකස් කිරීම ඉදිරියේදී සිදුවනු ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1