හිටපු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරාත් සජබයට

සජබයේ නාත්තණ්ඩිය ප්‍රධාන සංවිධායක ලෙස පත් කෙරේ විපක්ෂ නායකගේ වැඩ පිළිවෙළ ගැන පැහැදිලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා එම සන්ධානයෙන් ඉවත් වී…
සජබයේ නාත්තණ්ඩිය ප්‍රධාන සංවිධායක ලෙස පත් කෙරේ
විපක්ෂ නායකගේ වැඩ පිළිවෙළ ගැන පැහැදිලා
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා එම සන්ධානයෙන් ඉවත් වී බ්‍රහස්පතින්දා (04) සමගි ජන බලවේගය සමග නිල වශයෙන් එක් විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවි, රට ගොඩනගන ඔහුගේ වැඩ පිළිවෙළට සහාය දක්වමින් සමගි ජන බලවේග සන්ධානය සමග එක් වූ දයාශ්‍රිත තිසේරා මහතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නාත්තණ්ඩිය මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කරන ලදී.
කීර්තිමත් සහ කෘතහස්ථ දේශපාලනඥයකු වූ ප්‍රොටස් තිසේරා මහතාගේ පුත්‍රයා වූ දයාශ්‍රිත තිසේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් සංවිධාකයවරයා ලෙස ද කලක් කටයුතු කර ඇති අතර ඒ ඒ රජයන් හී ප්‍රබල කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යා ධුර කිහිපයක්ම දැරුවෙකි.
දැන්වීම
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් සහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් අධ්‍යාපනය ලබා මව්බිමට යළි පැමිණි දයාශ්‍රිත තිසේරා මහතා පොදු ජන එක්සත් පෙරමුණට එක් වී ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙමින් 1998 දී වයඹ පළාත් සභාවට එක් විය.
2000 දී පොදු ජන එක්සත් පෙරමුණෙන් පුත්තලම් දිස්ත්‍රික්කයට තරඟ කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ දයාශ්‍රිත තිසේරා මහතා 2004 දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ වරාය සහ ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද, 2007 දී නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ද, 2010 දී රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ද තේරී පත් විය.