අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිටපු මන්ත්‍රීන්ගේ පිං පඩි සඳහා වර්ෂයකට කෝටි 15ක් වැය කෙරේ

හිටපු මන්ත්‍රීන්ගේ පිං පඩි සඳහා වර්ෂයකට කෝටි 15ක් වැය කෙරේ

ජවිපෙ හිටපු මන්ත්‍රීවරු 23ක් ද පිං පඩි ලබති (සුජිත් මංගල ද සිල්වා) විශ්‍රාම වැටුප් ලබා ගන්නා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම…

ජවිපෙ හිටපු මන්ත්‍රීවරු 23ක් ද පිං පඩි ලබති 

(සුජිත් මංගල ද සිල්වා)

විශ්‍රාම වැටුප් ලබා ගන්නා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 15 ක් වන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඒ අතරින් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ මිය ගොස් සිටින හෙයින් එම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඔවුන්ගේ බිරින්දෑවරුන් ලබා ගන්නා බව ද වාර්තා වේ.

එම වාර්තාවේ දැක්වෙන අන්දමට විශ්‍රාම වැටුප් ලබා ගන්නා හිටපු මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 15ක් වන අතර මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ භික්ෂුන් වහන්සේලා පස් නමක් ද විශ්‍රාම වැටුප් ලබති.  

දැන්වීම

මෙසේ විශ්‍රාම වැටුප් ලබා ගන්නා භික්ෂූන් වහන්සේලා වන්නේ, එල්ලාවල මේධානන්ද, උඩුවේ ධම්මාලෝක, කොටපොල අමරකීර්ති,අක්මීමන දයාරත්න සහ අපරැක්කේ පුඤ්ඤානන්ද යන භික්ෂූන් වහන්සේලා වන අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් විසි තුන් දෙනෙක් ද විශ්‍රාම වැටුප ලබා ගනිති.   

විශ්‍රාම වැටුප් ලබා ගන්නා කලාකරුවන්වන හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4කි. ඒ මාලනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, උපේක්ෂා ස්වර්ණමාලි සහ රන්ජන් රාමනායක යන අය වෙති. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මන්ත්‍රීවරු දෙදෙනෙක්ද විශ්‍රාම වැටුප් ලබති. ඒ අර්ජුන රණතුංග සහ සනත් ජයසූරිය යන මහත්වරුන්ය.

දේශපාලන, ආගමික සහ කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතකු සේම සන්නිවේදකයකු ද වන ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතා ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර ඔහුටද විශ්‍රාම වැටුපක් හිමි වන්නේය.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපෙන් (රුපියල් 54000) තුනෙන් එකකට එනම් රුපියල් 18095ක මුදලට, තවත් රුපියල් 25000ක දීමනාවක් එක්වීමෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප සැකසෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 43095කි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හිටපු මන්ත්‍රීන්ගේ පිං පඩි සඳහා වර්ෂයකට කෝටි 15ක් වැය කෙරේ | Lanka Newsweek