අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිටපු පොලිස් රාජ්‍ය ඇමතිගේ නිවසින් කසිප්පු බෝතල් 15ක් මාට්ටු

හිටපු පොලිස් රාජ්‍ය ඇමතිගේ නිවසින් කසිප්පු බෝතල් 15ක් මාට්ටු

කසිප්පු එක්ක මුරකරුත් අත්අඩංගුවේ වහාම පොලීසියට එන්නැයි නලීන් බණ්ඩාරට දැනුම් දෙයි ▶ වීඩියෝව නරඹන්න (සුමුදු පෙරේරා) හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ප්‍රබල…

කසිප්පු එක්ක මුරකරුත් අත්අඩංගුවේ 

වහාම පොලීසියට එන්නැයි නලීන් බණ්ඩාරට දැනුම් දෙයි 

▶ වීඩියෝව නරඹන්න

(සුමුදු පෙරේරා)

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ප්‍රබල නායකයෙකු වන, නීතිය සහ සාමය පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතාට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියේ, හරිත ගම් දොර පිහිටි සුවිසල් නිවසේ තිබී නීති විරෝධී කසිප්පු බෝතල් 15ක් කුලියාපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වැටලීම සිදු කර තිබෙන්නේ කුලියාපිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයාට ලැබුණු ඔත්තුවක් මත වන අතර කසිප්පු බෝතල් 15 සමගින් එම සුවිසල් නිවසේ සිටී මුරකරුවා ද පොලිස් භාරයට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත. 

දැන්වීම

මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව එම මුරකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර වහාම පොලීසියට පැමිණ මේ සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා දෙන්නැයි කුලියාපිටිය පොලීසිය, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ප්‍රබල නායකයෙකු වන, නීතිය සහ සාමය පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතාට දැනුම් දී ඇත.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ වන විට විවිධ "Post" පළ කරමින් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියා ක්‍රියාකාරීන් නලීන් බණ්ඩාර මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්යෙන් යුතු සමගි ජන බලවේගයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටින අතර පහත දැක් වෙන්නේ නදීක හෙට්ටිආරච්චි මහතා විසින් සිය "facebook" ගිණුමේ පළ කර තිබූ "Post" එකකි.   

උපුටා ගැනීම 
-දෙරණ- 

හිටපු පොලිස් රාජ්‍ය ඇමතිගේ නිවසින් කසිප්පු බෝතල් 15ක් මාට්ටු

හිටපු පොලිස් රාජ්‍ය ඇමතිගේ නිවසින් කසිප්පු බෝතල් 15ක් මාට්ටු

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හිටපු පොලිස් රාජ්‍ය ඇමතිගේ නිවසින් කසිප්පු බෝතල් 15ක් මාට්ටු | Lanka Newsweek