හිටපු ජනාධිපතිවරුන්ට ලබාදුන් සියලු පහසුකම් ඉදිරියටත්

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය සදහන් කළේය. ”මහින්දට…
හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය සදහන් කළේය.
”මහින්දට දුන් වාහන 03ක් ආපසු ගනී” යනුවෙන් (19)වැනිදා පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධව පහත පැහැදිළි කිරීම යොමු කරමි.
1986 පෙබරවාරි මස 18 දින නිකුත් කරන ලද “1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත” අනුව හිටපු ජනාධිපතිවරුන් වන ගරු මහින්ද රාජපක්ෂ මහතාට සහ ගරු රනිල් වික්‍රමසිංහ මහතාට දැනට භාවිතා කරනු ලබන අතිරික්ත වාහන භාර දෙන ලෙස ලිපි මගින් දැනුම් දී ඇත.
දැන්වීම
1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතේ 3 (2) වගන්තිය අනුව ” සැම හිටපු ජනාධිපතිවරයකුට ම සහ සෑම හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුට තත්කාලයේ සපයනු ලබන නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් සලසනු ලැබිය යුතු ය”.
මීට අමතරව 2010 මැයි 14 දින එවක ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යවන ලද ලිපියේ 3.1 වගන්තිය අනුව ද ” ගරු අමාත්‍යවරුන්ගේ හා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම නිල වාහන (මෝටර් රථ, ජීප්, ඩබල් කැබ්) සංඛ්‍යාව 03 ක් වේ.” ඒ අනුව අදාල කටයුතු සිදුකර ඇත.
හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16න් වාහන 08ක් දැනට භාරදී ඇති අතර, හිටපු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11 ක් මේ වන විට පවතී.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක අවස්ථාවන්හිදී සහ මාලිමාව බලයට පත්ව දින කිහිපයක් තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේ හිටපු ජනාධිපතිවරුන් භුක්ති විඳින විශ්‍රාම වැටුප්, දීමනා සහ අනෙකුත් වරප්‍රසාධ ඉවත්කිරීම සහ අවම කිරීමය.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධවත් මාලිමා ආණ්ඩුව විසින් ඒවා කප්පාදු කරන බවට ගෙන එන ප්‍රකාශයන්ද මේ ආකාරයටම අවසන් වනු ඇති බව විද්වතුන්ගේ මතය වී ඇත.