අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිටපු ජනාධිපතිවරයා ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත්

හිටපු ජනාධිපතිවරයා ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත්

ඉන් රට ගොඩ ගැනීමට ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නව ගිවිසුමක් හරහා 2033 සිට ණය ගෙවන්නට හැකි බවත් ඒ…

 ඉන් රට ගොඩ ගැනීමට ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා පැවසුවේය.

 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නව ගිවිසුමක් හරහා 2033 සිට ණය ගෙවන්නට  හැකි බවත් ඒ කාලය වන විට සෘජු විදේශ සංචිත වැඩි කර ගත හැකි බවත් ඔහු පෙන්වා දෙමින් දැනට මතුව ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය නිසා සංචාරක කර්මාන්තය අඩපණ වුවහොත් ණය ගෙවීමට නොහැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 දෙමටගොඩ ප‍්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරයෙන් මේ ගිවිසුම සංශෝධනය කරමින් ජනතාවගේ හිසමත පීඩනය පටවන යෝජනා ඉවත් කළ යුතු බවයි.

[කුමාරි පතිරාජ]

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හිටපු ජනාධිපතිවරයා ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත් | Lanka Newsweek