අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

හිටපු ජනපති අපේක්ෂකයන් දෙදෙනෙකු සහ හිටපු පක්ෂ ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු 12ක් සජබයට

හිටපු ජනපති අපේක්ෂකයන් දෙදෙනෙකු සහ හිටපු පක්ෂ ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු 12ක් සජබයට

සුළු පක්ෂ නායකයින් තිදෙනෙකුත් ඒ අතර මහා මැතිවරණයේ දී තරඟ කරන දිස්ත්‍රික් සහ ආසන ගැනත් තීරණය කර අවසානයි හිටපු ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙකු, සුළු පක්ෂ නායකයන් තිදෙනකු, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක හිටපු…

සුළු පක්ෂ නායකයින් තිදෙනෙකුත් ඒ අතර 

මහා මැතිවරණයේ දී තරඟ කරන දිස්ත්‍රික් සහ ආසන ගැනත් තීරණය කර අවසානයි  
 

හිටපු ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙකු, සුළු පක්ෂ නායකයන් තිදෙනකු, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක හිටපු මහා  ලේකම්වරුන් දෙදෙනකු ඇතුළු ආණ්ඩු පක්ෂයේ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු සමගි ජන බලවේගය සමඟ එක්වීමට තීරණය කර තිබේ. 

මහා මැතිවරණයේ දී එම කණ්ඩායම තරඟ කරන දිස්ත්‍රික් සහ ඔවුන්ට ලබා දෙන මැතිවරණ කොට්ඨාශ ගැන ද මේ වන විටත් අවසන් තීරණයක් ගෙන ඇති අතර මේ අය සමගි ජන බලවේගය සමඟ සන්ධාන ගත වනු ඇත්තේ ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය. 

මේ කණ්ඩායමෙන් බහුතරය 2020 මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lanaknewsweek" සමග පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න