හිටපු ජනපති අගමැති කළාට චීනයෙන් ඩොලර් බිලියන 4ක ආයෝජනයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රටේ දේශපාලන පෙරළියේ චීන භූමිකාව හෙළිවේ..! ඩොලරයට සාපේක්ෂව රුපියල 150ට ගෙනෙන සැලසුම්..! (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකානු ඩොලර් බිලියන හතරක සංවර්ධන ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය එකඟ වී…
රටේ දේශපාලන පෙරළියේ චීන භූමිකාව හෙළිවේ..!
ඩොලරයට සාපේක්ෂව රුපියල 150ට ගෙනෙන සැලසුම්..!
(සුජිත් මංගල ද සිල්වා)
ඇමරිකානු ඩොලර් බිලියන හතරක සංවර්ධන ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය එකඟ වී තිබේ.
ඊට අමතරව තවත් මුදල් ආධාර ලබාදීමටත්,දැනට ලබා දී තිබෙන සමහර ණය කපා හැරීමට සහ සමහර ණය වාරිකවල පොලී අඩු කිරීමට ද චීන රජය එකඟ වී ඇත.
ඒ අනුව මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 173 ඉක්මවා අවප්‍රමාණය වී තිබෙන රුපියල මේ අවුරුද්දේ දෙසැම්බර් මාසය වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 150 දක්වා ස්ථාවර වනු ඇතැයි ගණන් බලා තිබේ.
ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති අංශ සහ බුද්ධි අංශ ආරංචි මාර්ග "lankanewsweek" සමග තහවුරු කර සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා දෙරට අතර ඉහළම පෙළේ සිදු කෙරුණු මේ රහස් සාකච්ඡාවල දී පැමිණි එකඟතාවය අනුව බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1