අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිටපු ජනපතිනිය සංවේදී වෙයි

හිටපු ජනපතිනිය සංවේදී වෙයි

තමා රට වෙනුවෙන් කළ ඇතැම් දෑ තමාටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්‍රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සඳහන් කරන්නීය. ජනාධිපතිනී චන්ද්‍රිකා…

තමා රට වෙනුවෙන් කළ ඇතැම් දෑ තමාටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්‍රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සඳහන් කරන්නීය.

ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය එසේ කියා සිටින්නේ, සිය 80 වන උපන් දිනය වෙනුවෙන් සිය "Facebook" ගිණුමේ විශේෂ සටහනක් තබමින් වන අතර එම සටහන මෙසේය. 

"අද  මා මේ පොළොව මත ගත කළ හැත්තෑ නව වන වසර ගෙවා දමා අසූ වියට ප්‍රවේශ වීමි. මගේ මතකයේ සටහන් වී ඇති කාලයේ සිට මගේ රට වෙනුවෙන්, එහි ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා කළ කී දෑ බොහෝය.

දැන්වීම

මට අමතකවත් බොහෝ දෑ තිබිය හැකිය. ඒ ඇතැම් දේ මට ද අමතක නම්, රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්‍රාසජනකය. එහෙත් දවස පුරා ලැබුණු, තවමත් ලැබෙන සුබ පැතුම්වල මට ආදරය කරන දෙස් විදෙස් ජනතාව සිහිපත් කර තිබූ ඇතැම් මතක මට එක් දෙයක් පසක් කළේ ය.

මා කළ කී දෑ සියල්ල මතක නොතිබුණ ද බොහෝ දෙනෙකුට තවමත් මතකයේ රැඳී ඇති පොදු යමක් ඇති බවයි. ඒ, මගේ හදවතේ මේ රට වෙනුවෙනුත්, එහි ජනතාව වෙනුවෙනුත් ඇති ආදරයෙහි අව්‍යාජත්වයයි. එය මට මහත් අභිමානයක් ඇති කළේ ය. දශක ගණනක් පුරා, නොයෙක් විවේචන, අපවාද මධ්‍යයේ වුව, රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කිරීමට මට ශක්තිය වූයේ ඔබේ ඒ ආදරය බව මම අදට ද විශ්වාස කරමි. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හිටපු ජනපතිනිය සංවේදී වෙයි | Lanka Newsweek