අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිටපු ඇමතියෙකු ඇතුළු එජාප ප්‍රබලයින්10ක් තිස්ස එක්ක රහස් සාකච්ඡාවක..!

රනිල්ගෙන් තිස්සට රහස් පණිවිඩයක්..!

තිස්ස එක්ක යන්න එකඟ වෙති..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු ප්‍රධාන හිටපු සංවිධායකවරුන් දහ දෙනකු එකසත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සමග කොළඹ…

තිස්ස එක්ක යන්න එකඟ වෙති..!

හිටපු ඇමතියෙකු ඇතුළු එජාප ප්‍රබලයින්10ක් තිස්ස එක්ක රහස් සාකච්ඡාවක..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු ප්‍රධාන හිටපු සංවිධායකවරුන් දහ දෙනකු එකසත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සමග කොළඹ තරු 5 හෝටලයකදී බදාදා (25) රාත්‍රියේ රහස් දේශපාලන සාකච්ඡාවක් සිදු කර තිබේ.

තිස්ස අත්තනායක මහතා ආරම්භ කිරීමට යන එක්සත් ජාතික පක්ෂයේ විකල්ප දේශපාලන ව්‍යාපාරය,එහි සවභාවය,අරමුණ,සැලසුම් සහ අනාගත ඉලක්ක  පිළිබඳව එහිදී අදාළ හිටපු ප්‍රබල අමාත්‍යවරයා ප්‍රධන කණ්ඩායම දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇති අතර එම නව දේශපාලන ව්‍යාපාරය සමග එක් වන බවට ද සහතික වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ සියලු තීන්දු තීරණ ගන්නා නායකයා ප්‍රධාන ඔහුගේ අභ්‍යන්තර කණ්ඩායමේ ක්‍රියා කලාපය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් කලකිරී පක්ෂයෙන් ඈත් වී සිටන සියලුම පාක්ෂිකයින්,ක්‍රියාකාරීන්,සහ දේශපාලනඥයින් එකට ඒකරාශී කිරීමට ද එහිදී තීරණය කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයකු සහ අමාත්‍යවරයෙක් ද තිස්ස අත්තනායක මහතා සමග මේ මෑතකදී දුරකතනයෙන් දීර්ඝ දේශපාලන සාකච්ඡාවක් කර ඇති බව ද දැන ගන්නට තිබේ.

ඒ සම්බන්ධයෙන් “lankanewsweek” එම අමාත්‍යවරයාගෙන් සහ තිස්ස අත්තනායක මහතාගෙන් කළ විමසීමේ දී ඔවුහූ ඒ බව තහවුරු කළහ.

මේ නව දේශපාලන ව්‍යාපාරයට අනුබද්ධිතව භික්ෂූ සංවිධානයක්,නීතීඥ සංගමයක්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුවක්,වෘත්තීයවේදීන්ගේ සංවිධානයක්,කලාකරුවන්ගේ එකමුතුවක්,විද්වත් සංසදයක් සහ ජනමාධ්‍ය සංවිධානයක් ද ආරම්භ කරන අතර එහි මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන බව ද තිස්ස අත්තනායක මහතා “lankanewsweek” සමග පැවසීය.

මේ දේශපාලන ව්‍යාපාරයේ අරමුණ,කාර්යභාරය සහ වගකීම වන්නේ කලකිරීමට,අසාධාරණයට,සහ නොසලකා හැරීමට ලක්ව සිටින සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින් එකට ඒකරාශී කර එක්සත් ජාතික පක්ෂය නිවැරදි දිසාවට ගෙන යාම සඳහා සටන් කිරීම බව පෙන්වා දුන් තිස්ස අත්තනායක මහතා එම අරමුණ තිබෙන ඕනෑම පාක්ෂිකයකුට එම දේශපාලන ව්‍යාපාරය සමග එකට එක් විය හැකි බව ද අවධාරණය කළේය.

හිටපු ඇමතියෙකු ඇතුළු එජාප ප්‍රබලයින්10ක් තිස්ස එක්ක රහස් සාකච්ඡාවක..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හිටපු ඇමතියෙකු ඇතුළු එජාප ප්‍රබලයින්10ක් තිස්ස එක්ක රහස් සාකච්ඡාවක..! | Lanka Newsweek