අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිඟ විදුලිය ගාස්තු ගෙවීමට ජනතාවට සහන කාලයක් දෙනු

හිඟ විදුලිය ගාස්තු ගෙවීමට ජනතාවට සහන කාලයක් දෙනු

රාජ්‍ය ආයතන නිවැරදි ලෙස කළමනාකරණය කරනු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ජනපතිගෙන් ඉල්ලයි. දරා ගත නොහැකි විදුලි බිල නිසා විදුලිය විසන්ධි කිරීමට ලක්ව අසාධාරණයට පත්ව සිටින ජනතාවටද නැවත විදුලිය ලබා…

රාජ්‍ය ආයතන නිවැරදි ලෙස කළමනාකරණය කරනු 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ජනපතිගෙන් ඉල්ලයි.

දරා ගත නොහැකි විදුලි බිල නිසා විදුලිය විසන්ධි කිරීමට ලක්ව අසාධාරණයට පත්ව සිටින ජනතාවටද නැවත විදුලිය ලබා ගැනීමට සාධාරණ ප්‍රවේශයක් සකසන්නේනම් ඉතා වටිනා බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

විදුලි බිල දරාගත නොහැකි මට්ටමක පැවැතීම නිසා විසන්ධි කිරීම් හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව නොරහසකි. එවැනි පිරිස් වෙත වාරික විසිහතරකින් හිග මුදල් ගෙවීමට පහසුකම ලබාදීම මගින් නැවත විදුලිය ලබාදීමට කටයුතු යොදන්නේ නම් එය ද ඉතාමත්ම මානුෂිය ක්‍රියාවක් වනු ඇත. එවැනි පියවරක් වෙත යොමුවන ලෙස ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.

තවද විදුලි ගාස්තු සියයට විස්සකින් පහළ දැමීමට විදුලි බල මණ්ඩලය එකඟ වීමට ගෙන ඇති තීරණය අගය කරන බවද පෙන්වා දෙන එම සංවිධානය ඒ සඳහා හේතු වූ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ක්‍රියා කලාපයද ඉතා අගය කොට ඇත. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංවිධානය මෙලෙස අදහස් ඉදිරිපත් කර ඇත.

දැන්වීම

2025 මුල් මාස 6 සදහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කල සංශෝධන යෝජනාව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස් කළ  ප්‍රතියෝජනාව හා ඒවා සම්බන්ධයෙන් මහජන උපදේශනයේදී ඉදිරිපත් වු අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව විදුලි ගාස්තු සියයට 20කින් පහල දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති කාලෝචිත තීරණය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරන්නෙමු.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායන් අනුගමනය කරන රටවල්හි අත්‍යවශ්‍ය සේවාවන් ස්වාධීන යාන්ත්‍රණ හරහා අධීක්ෂණය මගින් පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර මහජන උපයෝගිතා ආයතනයෙන් ද සිදුකර ඇත්තේ එකී කාර්යභාරයි. විදුලි ගාස්තු අඩුකිරීමට ගත් මෙම තීරණය මගින් සාමාන්‍ය ගෘහස්ත විදුලි පාරිභෝගිකයන්ට මෙන්ම හෝටල් හා කර්මාන්ත ක්ෂ්ත්‍රයට ද විශාල සහනයක් මෙන්ම ශක්තියක් ලැබෙනු ඇත.

එමෙන්ම අප මෙහිදී සිහිපත් කළ යුතුව ඇති අතීතයක් ද ඇත. එනම් 2001-2004  රජය කාලයේ දැවැන්ත ලෙස පාඩු ලබමින් පැවැති විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර එම යෝජනාවට එහි කාර්ය මණ්ඩලයේ අති බහුතරයකගේ එකඟත්වයක් පළ වූ අතර ඒ සඳහා අන්තර් ජාතික සංවර්ධන බැංකු රාශියක් දායකත්වය දැක්වීමට සූදානමින් සිටියේය. මහජන උපයෝගිතා කොමිසම නිර්මාණය කරන ලද්දේ එම කාලවකවානුවේදී ය.

විදුලි සේවක අර්ථසාධක අරමුදලට අදාළව නව යෝජනා ද ඇතුළත් කරමින් සකස් කරන ලද එකී පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වූ දිනයට දින කිහිපයකට පෙර එවකට සිටි ජනාධිපතිනිය විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නිසා එම උත්සාහය අසාර්ථක වූ බව පැහැදිලිය.එකී ප්‍රතිව්‍යුහගතකරණය මගින්  කුමන තත්වයකින් හෝ විදුලිබල මණ්ඩලය බාහිර පාර්ශ්වයකට විකීණීමට හෝ කළමණාකාරිත්වයේ වෙනසක් යෝජනා කර නොතිබූ බවද මෙහිදී සිහිපත් කල යුතුව ඇත. එදා එය සාර්ථක වූවේ නම් රටට විශාල යහපතක් වීමට ඉඩ තිබුණි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන නිසි ප්‍රතිව්‍යුහගත කිරීම්වලට යොමු කරමින් නිවැරදි කළමනාකරණයකට මග සලසන්නේ නම් රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබා දෙමින් පාරිභෝගික ජනතාවගේ අයිතීන් තහවුරු කර සේවකයන්ගේ සුරක්ෂිතභාවය ද සහතික කල හැකි බව අවධාරණය කරනු පිණිසය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න