අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හරීන්ට බැට දෙන්න කාවින්ද උපදෙස් ගත්තේ රනිල්ගෙන්

හරීන්ට බැට දෙන්න කාවින්ද උපදෙස් ගත්තේ රනිල්ගෙන්

සජිත් ප්‍රේමදාස ගැන විශ්වාසයක් නැති පාටයි රනිල්ට කතා කරලා සමරිසි "Video" එක ගැන දුක කියලා එජාප අපේක්ෂකයින් එක්ක රනිල් කළ රහස් සාකච්ඡාව මෙන්න සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර් ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය…

සජිත් ප්‍රේමදාස ගැන විශ්වාසයක් නැති පාටයි 

රනිල්ට කතා කරලා සමරිසි "Video" එක ගැන දුක කියලා

එජාප අපේක්ෂකයින් එක්ක රනිල් කළ රහස් සාකච්ඡාව මෙන්න    

හරීන්ට බැට දෙන්න කාවින්ද උපදෙස් ගත්තේ රනිල්ගෙන්

සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර් ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කරවමින් පවතින අසභ්‍ය "Video" පටය සම්බන්ධයෙන් දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ගෙවුණු සතියේ දී එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් කතා කර කරුණු ඉදිරිපත් කර තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කර ඇති කාවින්ද ජයවර්ධන මහතා මේ සිද්ධියට එරෙහිව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා ඇති අතර ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළව ඔහුට සියලු උපදෙස් ලබා දී ඇත.

දැන්වීම

මෙම අසභ්‍ය "Video" පටය සමාජ මාධ්‍ය වෙත සැලසුම් සහගතව මුදා හරිමින් ප්‍රචාරය කරවීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට සහ මල්ෂා කුමාරතුංග මෙනවියට එරෙහිව කාවින්ද ජයවර්ධන මහතා සියලු නීතිමය පියවර ගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා දුන් එම උපදෙස් අනුවය.

මේ ගැන ආරංචි වූ වහාම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පිකා ප්‍රේමදාස සහ කේ.කේ.පියදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹ 07, පස් වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගොස් ඔහු හමු වී ඒ පිළිබඳව තොරතුරු විමසා ඇති අතර එහිදී ඇති වූ සංවාදය මෙසේය. 

"කාවින්ද ජයවර්ධන නායකතුමාට කතා කරලා ඔහුගේ අසභ්‍ය "Video" පටය ගැන දුක් ගැනවිල්ලක් කිව්වා කියලා ආරංචියි. තමා යොදා ගෙන අසභ්‍ය "Video" පටයක් හදලා කියා ඔහු ජනාධිපතිටත් පැමිණිලිත් කරලා තියෙනවා." - චම්පිකා ප්‍රේමදාස-

"ඔව්...මට කතා කළා..." -රනිල් වික්‍රමසිංහ- 

"කාවින්ද ජයවර්ධන අපිත් එක්ක තරග කරන්නේ නැහැ. ඔහු සමගි ජන බලවේගයේ...හරි නම් ඔහු උපදෙස් ගන්න තිබුණේ ඔහුගේ පක්ෂයේ නායකයාගෙන් ඒ කියන්නේ සජිත් ප්‍රේමදාසගෙන්නෙ..." -කේ.කේ. පියදාස- 

"එහෙම තමයි විය යුතුව තිබුණේ...නමුත් මට කතා කරලා උදව් ඉල්ලපු නිසා අවශ්‍ය පියවර ගන්න උපදෙස් දුන්නා..." -රනිල් වික්‍රමසිංහ- 

හරීන්ට බැට දෙන්න කාවින්ද උපදෙස් ගත්තේ රනිල්ගෙන්
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හරීන්ට බැට දෙන්න කාවින්ද උපදෙස් ගත්තේ රනිල්ගෙන් | Lanka Newsweek