අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හරිත මූල්‍ය කමිටුවක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස්

හරිත මූල්‍ය කමිටුවක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස්

2023 වසර තුළ හරිත මූල්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන්…

2023 වසර තුළ හරිත මූල්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හරිත මූල්‍ය කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

දැන්වීම

හරිත මූල්‍යයනය වශයෙන් පොදුවේ අදහස් කරනුයේ කාලගුණ විපර්යාස ආශ්‍රිත අභියෝග හා කාබන් විමෝචනය අඩු ආර්ථිකයක් කරා ගමන් කිරීමේ දී මුහුණපාන අභියෝග ජය ගැනීමට මූල්‍ය ප්‍රවාහයන් යොමු කිරිමයි.

හරිත මූල්‍ය, හරිත බැඳුම්කර, දේශගුණික මූල්‍ය යනාදී වශයෙන් දැනටමත් සිදුවෙමින් පවතින සියලුම ක්‍රියාවලීන් නිශ්චිත විෂය පථයක්, ක්‍රියාමාර්ග සහ ඉලක්ක සහිතව එක් වේදිකාවකට පෙළගැස්වීම හරිත මුල්‍ය පිළිබඳ මාර්ග සිතියම මගින් අපේක්ෂා කෙරේ. මෙම කරුණු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී පුළුල් අවධානයක් යොමු කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන සහ අතිරේක ලේකම් වර්නන් පෙරේරා යන මහත්වරු ඇතුලු නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හරිත මූල්‍ය කමිටුවක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස් | Lanka Newsweek