හරවා යවපු නුසුදුසු පොහොර නැව නැවතත් ලංකාවට

(හේමන්ත තුසිත කුමාර) "සෞභාග්‍යයේ දේශය" ගොඩ නගනවා යැයි කියා පැමිණි ආණ්ඩුව මේ වන විට විට "කසල දේශයක්" ගොඩ නගමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටට නුසුදුසු බවට වාර්තා වලින් තහවුරු…
(හේමන්ත තුසිත කුමාර)
"සෞභාග්‍යයේ දේශය" ගොඩ නගනවා යැයි කියා පැමිණි ආණ්ඩුව මේ වන විට විට "කසල දේශයක්" ගොඩ නගමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටට නුසුදුසු බවට වාර්තා වලින් තහවුරු කළ පොහොර නැව ආපසු හරවා යවන බව ආණ්ඩුව පැවසුවත් ඒ කසල සහිත රටට නුසුදුසු පොහොර නැව නැවතත් ලංකාවට එමින් තිබෙන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද වනවිට ආණ්ඩුව විසින් මේ රටේ සමස්ත ජනතාවම අතිශය දුෂ්කර අඩියකට තල්ලු කොට ඇති බවත් ජනතාව මේ තරමට පීඩාවට පත්කිරීමට හේතුව තුනෙන් දෙකක බලයක් ලබා දීම ද?, නැත්නම් විධායක ජනාධිපති ධූරය ලබාදීම දැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (16) තිස්සමහාරාම රන්මිණිතැන්න ගොවියන්ගේ ගැටළු විමසන ගොවි හදගැස්ම වැඩසටහනට එක් විය.
පළමුව කොහොඹගහ පැළැස්ස ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායකතුමා එහි විහාරාධිපති පූජ්‍යපාද අතබටුවේ හේමාලෝක නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහාප්‍රමුඛ සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ගෙන අනතුරුව ප්‍රදේශයේ ගොවි ගැටලු විමසන ගොවි හදගැස්මට එක්වූ අතර වී ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි, පළාත් සභා මන්ත්‍රී ලාල් චන්ද්‍ර මහතා ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙන්ම ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජීවන වියදම දිනෙන් දින උත්සන්න වෙමින් ජනතාවට දරාගත නොහැකි තරම් අසරණ අඩියකට පත් වී ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අනෙක් අතට මේ රටේ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවද ව්‍යසනකාරී අඩියකට තල්ලු කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයිද පැවසීය.