හයිබ්‍රිඩ් සුද්දා අත්අඩංගුවට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

හයිබ්‍රිඩ් සුද්දා හෙවත් සමීර ගුණසේකර නැමැත්තා පාදුක්ක අංගම්පිටිය ,නැටිඔළුව ප්‍රදේශයේදී රුපියල් මිලියන 13 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන…
හයිබ්‍රිඩ් සුද්දා හෙවත් සමීර ගුණසේකර නැමැත්තා පාදුක්ක අංගම්පිටිය ,නැටිඔළුව ප්‍රදේශයේදී රුපියල් මිලියන 13 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
පොලිස් මාධ්‍ය පරක්ෂක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ,කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ලද තොරතුරක් අනුව කළ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගත් අතර එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 100ක් ,රුපියල් 750,000ක් සහ මෝටර් රථ දෙකක්ද පොලිය විසින් සොයා ගෙන තිබේ.
මෙම සැකකරු 37 හැවිරිදි හිඹුටාන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පාදුක්ක නැටිඔළුව ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන මෙම ජාවාරම මෙහෙයවා තිබේ.
පසුගිය මහ මැතිවරණ සමයේදී කොළඹ මහල් නිවාස සංකිර්ණයක් අසල හයිබ්‍රිඩ් මොටර් රථයකින් පැමිණ පුද්ගලයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියේදි ආදාළ මොටර් රථය පැදවූ පුද්ගලයා මොහු වන අතර දැනට මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු බව ද පොලීසිය පැවසී ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1