“හයට්” එක ඉහ ගෙන කන “මලික්-තිලාන්” මෙහෙයුම..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ලොකුම කොමිස් කුට්ටිය දෙන ආයෝජකයා හොයා ලොව පීරයි..! මලික්ගේ “හයට්” අදිසි හස්තය තිලාන්..! (සුජිත් මංගල ද සිල්වා) කොළඹ “හයට්” හෝටල් ව්‍යාපෘතිය විකිණීම සඳහා උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ…
ලොකුම කොමිස් කුට්ටිය දෙන ආයෝජකයා හොයා ලොව පීරයි..!
මලික්ගේ “හයට්” අදිසි හස්තය තිලාන්..!
(සුජිත් මංගල ද සිල්වා)
කොළඹ “හයට්” හෝටල් ව්‍යාපෘතිය විකිණීම සඳහා උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මේ දිනවල තමාට වැඩිම කොමිස් මුදලක් ලබා දෙන දේශීය හෝ විදේශීය ආයෝජකයා සොයමින් සිටියි.
මලික් සමරවික්‍රම මහතා “හයට්” හෝටල් ව්‍යාපෘතියට කලක් මුළුල්ලේ සිදු කරන මේ අනවශ්‍ය මැදිහත්වීම් සහ ඇඟිලි ගැසීම් හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ වන විට සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වී රජයට විශාල බරක් වී තිබේ.
මුදල් අමාත්‍යංශයේ “Public Private Partnership” ඒකකයේ සභාපති තිලාන් විජේසිංහ මහතා මාර්ගයෙන් මලික් සමරවික්‍රම මහතා සිය පෞද්ගලික ව්‍යාපාරික න්‍යාය පත්‍රයට අනුව එම ව්‍යාපෘතිය මෙහෙයවීම සහ පාලනය කිරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇත.
රජයට විශාල බරක් වී තිබෙන මේ “හයට්” හෝටල් ව්‍යාපෘතිය,රජයේ කොටස් අයිතිය ද තහවුරු වන පරිදි රජයට ලාභදායි වන ලෙස පෞද්ගලික අංශයට විධිමත් සහ විනිවිධ භාවයෙන් යුතුව පැවරිය යුතු බවට 2015-2016 අය-වැය යෝජනාවලිය මගින් යෝජනා කරන ලදුව ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ.
කෙසේ නමුත් සැලසුම් කර ඇති පරිදි පුරා අවුරුදු 2 ½ ක් මුළුල්ලේ මේ වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වී තිබෙන්නේ මලික් සමරවික්‍රම මහතා, “හයට්” හෝටල් ව්‍යාපෘතියේ නිල වශයෙන් වග කිව යුතු ප්‍රධානීන් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසූරිය මහතා ඇතුළු නිලධාරීන් නොතකා ඒ අයට සිය දේශපාලන බලය පෙන්වා අනියම් ලෙස බලපෑම් කරමින් තිලාන් විජේසිංහ මහතා සමග එක්ව ව්‍යාපෘතිය අයුතු ලෙස පාලනය කරන අතර නීතියේ රාමුව සහ රජයේ අවශ්‍යතාවය නොතකා තමාට වැඩිම කොමිස් මුදලක් ලබා දෙන ආයෝජකයකුට පමණක් හෝටලය විකුණා දැමීමට දරන උත්සාහය නිසාය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මෙම “හයට්” හෝටල් ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව,සේවක අර්ථ සාධක අරමුදල සහ “ලිට්රෝ” ගෑස් සමාගමේ මුදල් යෙදවීමෙනි.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට වැඩි පුර කොටස් අයිතියක් තිබෙන “හයට්”හෝටල් ව්‍යාපෘතිය මේ වන විට පවතින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සංවර්ධන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

