හමුදා නිලධාරීන්ට උසස් වීම්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

බ්‍රිගේඩ්‍රියර්වරුන් 5 දෙනෙකුටත්, ලුතිනන් කර්නල්වරුන් 25 දෙනෙකුටත් උසස් වීම් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ,…
බ්‍රිගේඩ්‍රියර්වරුන් 5 දෙනෙකුටත්, ලුතිනන් කර්නල්වරුන් 25 දෙනෙකුටත් උසස් වීම් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ, එහිදී බ්‍රිගේඩියර්වරුන් 5 දෙනා මේජර් ජනරාල් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන්, කර්නල් නිලයටත් උසස් කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කරයි.
මේ අතරින් යුද්ධයේදී ආබාධිත වූ බ්‍රිගේඩියර්වරුන් 4 දෙනෙකුට ද උසස් වීම් ලබා දී තිබේ. එලෙස උසස්වීම් ලද නිලධාරීන් වන්නේ, ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ ඩී.ජී.අයි.පී. ගමගේ, සිංහ රෙජිමේන්තුවේ රජීව වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජේ.ආර්. අම්පේමොහොට්ටි සහ ගැමුණු රෙජිමේන්තුවේ ඩබ්ලිව්.එච්.එම්. මණතුංග යන මහත්වරුන් ය.
දැනට සක්‍රීය සේවයේ නිරත බ්‍රිගේඩියර් වී.ඒ.ටී.එන්. දෙමටන්පිටිය මහතා ද මේජර් ජනරාල් නිලයට උසස් වීම් ලබා තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1