හමුදා එන්නත්කරණය විවේචනය කළාට එන්නත ගත්තේ හමුදාවෙන්

රනිල් වික්‍රමසිංහ මහතා කොවිඩ් මර්දන එන්නත්කරණය සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ නැතිව හමුදාව යටතේ එන්නත්කරණය කිරීම පිළිගත නොහැකි බව පැවසීම පිළිබඳව යුධ හමුදාපතිවරයා ප්‍රකාශයක් ලබා දුණි. ඒ මහනුවර ශ්‍රී දළඳා…
රනිල් වික්‍රමසිංහ මහතා කොවිඩ් මර්දන එන්නත්කරණය සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ නැතිව හමුදාව යටතේ එන්නත්කරණය කිරීම පිළිගත නොහැකි බව පැවසීම පිළිබඳව යුධ හමුදාපතිවරයා ප්‍රකාශයක් ලබා දුණි. ඒ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දී මාධ්‍යයවේදීන් ඇමතු අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්ය.
"ශ්‍රී ලංකාවේ ජනතාව යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව කරනු ලබන මේ එන්නත්කරණය පිළිබඳව විශාල ප්‍රසාදයක් පළ කර සිටිනවා. එවන් විශාල ප්‍රසාදයක් පළ කර සිටින අවස්ථාවක එවැනි එක් පුද්ගලයෙක් පමණක් එය විවේචනයට ලක්කිරීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේම ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියා වශයෙන් හා යුද හමුදාපතිවරයා ලෙස මගේ යුතුකමක් සහ වගකීමක් වෙනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න. ඒ අනුව රණ විරුවන් විසින් කරනු ලබන, යුධ හමුදා සෞඛ්‍ය අංශවලින් සිදුකරනු ලබන එන්නත්කරණය විවේචනයට ලක් කරද්දි රටේ ජනතාව දැනගත යුතු කාරණය තමයි එතුමා එතුමාගේ එන්නත ලබාගත්තේ ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ මුලික රෝහල නාරාහේන්පිට රෝහලට ඇවිල්ලා අපේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් තමයි. එතුමාට ශ්‍රී ලංකා යුද හමුදාව තුළින් එන්නත ලබාගැනීමට අවශ්‍ය වුණානම් රටේ ජනතාවගේ එන්නත්කරණය වැරදි කියනවා නම් ජනතාව ඒ පිළිබඳව තීරණයක් ගත යුතුයි."