අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හදුන්නෙත්ති පොහොසත් කම මනින මිම්ම අසයි

හදුන්නෙත්ති පොහොසත් කම මනින මිම්ම අසයි

කොටි 27 කියන්නේ පොඩි ගානක් " වසන්ත සමරසිංහ පෝසතෙක් කියලා තීරණය වෙන්නේ කාට සාපේක්ෂවද......කාට සාපේක්ෂවද? මොකක්ද ඒ පෝසත්කම් මනින මිම්ම ” කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති. ජනතාවට නැති මොකුත් අපට එපා…

කොටි 27 කියන්නේ පොඩි ගානක් 

" වසන්ත සමරසිංහ පෝසතෙක් කියලා තීරණය වෙන්නේ කාට සාපේක්ෂවද......කාට සාපේක්ෂවද? මොකක්ද ඒ පෝසත්කම් මනින මිම්ම ”

කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති.

ජනතාවට නැති මොකුත් අපට එපා කියපු හදුනෙත්තිලා කොහොමද දැන් කියන කතා.

දැන්වීම

හරියට මැරිලා ඉපදිලා වගේ.

කෝටි ගාණක වාහන තියන මාසික ආදායම මිලියන පනින වසන්ත සමරසිංහ පොහොසතෙක්ද කියලා සන්සන්දනය කරන්න ඕනි එයාගේ වාහනයට තෙල් ගහන්න කීයකීය හරි එකතු කරලා දුන්න පහල ජවිපෙ සාමාජිකයන්ට සාපේක්ෂවයි.

මෙයාලා එයාලටත් බොරු කරලා ඒ මිනිසුන්ගේ ඉහ මොලත් එක්ක හූරගෙන කෑවේ.

හාල් ටික සම්මාදම් කරලා දුන්න.වත්තේ තියන කෙහෙල් කැන කපලා දුන්න,ගෙදර පොඩි දරුවට තියන කිරි ටික දියකරලා දුන්න සාමාජිකයට සාපේක්ෂවයි.

එහෙම නැතිව ධම්මික පෙරේරාට සාපේක්ෂව හරි ඉෂාර නානායක්කාරට හරි සාපේක්ෂව නෙවෙයි.

ඉතිහාසයේ වත්කම් තියන මිනිස්සු පක්ෂයට ආවා.

එයාලා කළේ තමන්ගේ වත්කම්වලින් කොටසක් පක්ෂයට පරිත්‍යාග කිරීමයි.

ඇත්තටම ඩඩ්ලි.ජේආර්,කොතලාවල, බණ්ඩාරනායක වගේ අය තමන්ගේ දේපල රට වෙනුවෙන් පරිත්‍යාග කළා.

ඒ මිනිස්සු මේ බොරු වම්මුන්ට වැඩිය කොච්චර හොඳද?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න