හදුන්නෙත්තිගේ බැරිකමට මේ රටේ ජනතාව වන්දි ගෙවිය යුතුද?

"රජයේ ප්‍රධාන කාර්යභාරය ව්‍යාපාර කටයුතුවල නිරත වීම නොවෙයි.සමහරු රජය ව්‍යාපාර කළ යුතු බවට අදහස් පළ කළද,ආණ්ඩුවක් විසින් ව්‍යාපාර කිරීම ප්‍රායෝගිකව යථාර්ථයක් නොවේ. ආණ්ඩුවේ සැබෑ කාර්යය වෙන්නේ ව්‍යාපාර…
"රජයේ ප්‍රධාන කාර්යභාරය ව්‍යාපාර කටයුතුවල නිරත වීම නොවෙයි.සමහරු රජය ව්‍යාපාර කළ යුතු බවට අදහස් පළ කළද,ආණ්ඩුවක් විසින් ව්‍යාපාර කිරීම ප්‍රායෝගිකව යථාර්ථයක් නොවේ. ආණ්ඩුවේ සැබෑ කාර්යය වෙන්නේ ව්‍යාපාර කරන අයට අවශ්‍ය පහසුකම් සැලසීමයි.බදු ප්‍රතිපත්ති තීරණය කිරීම,තාක්ෂණික සහ මූල්‍ය පහසුකම් සැපයීම මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට ඇති ගැටළු විසඳීමද ඇතුළත් වෙනවා. රජයේ මූලික අවධානය යොමු විය යුත්තේ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට සහ එය නඩත්තු කිරීම මිස සෘජුවම ව්‍යාපාර මෙහෙයවීම නොවෙයි" - කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති.
මේ කතාව අහන ඕනි කෙනෙකුට හිතෙන්නේ හදුනෙත්ති මැරිලා ඉපදිලාද කියලයි. මේ හදුනෙත්ති කියන්නේ එයාලා දරන මතයට විරුද්ධ මතයයි.
මේ සම්පුර්ණයෙන්ම රනිල්ගේ මතයයි.
දැන්වීම
හදුනෙත්තිලාට දැන් රනිල් දැරූ මතය නිවැරදි බව පිලිගන්න සිද්ධවෙලා. ප්‍රමාදවෙලා හරි ඒ බව වැටහීම හොඳයි. හැබැයි හදුනෙත්තිලාට ඒ ඇත්ත තේරුම් කරලා දෙන්න මේ රටේ ජනතාව විශාල වන්දියක් ගෙවලා තියනවා.
ත්‍රිකුණාමලය දිස්තික්කයේ උක්වලින් විතරක් රටේ ණයත් ගෙවා රට සංවර්ධනය කරන්න ආපු හදුනෙත්තිට වෙච්චි දෙයක්. හදුනෙත්ති ඒ පාඩම ඉගෙන ගන්නා විට ලක්ෂ ගණනක් මහජන මුදල් ඒ වෙනුවෙන් නාස්ති කරලා තියනවා. සෙවනගල ඇතුළු අපේ රටේ ඇති සීනි කර්මාන්ත ශාලා හදුනෙත්ති විසින් ඈවර කර විකුණා දමට තැනට බංකොලොත් කරලා තියනවා.
හදුනෙත්තිලාගේ බැරිකම සහ උද්දච්චකම නිසා මේ රට අහිමි කළ මුදල් එයාගෙන් අයකර ගන්න ඕනි.
ඒක Big Question එකක් තමයි.