හදිසි ජනපතිවරණයක ලකුණු..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

“අතයි-පොහොට්ටුවයි” පෙරටු කොට ගත් පුළුල් සන්ධානයකින් මෛත්‍රී ජනපතිවරණයට..! තමා පියවර තුනක් පස්සට ගෙන තිබියදී එජාපෙට අඩියක් පස්සට ගන්න නොහැකි මන්දැයි ජනපති විමසයි..! (උපුල් බණ්ඩාර) හදිසි ජනාධිපතිවරණයක්…
“අතයි-පොහොට්ටුවයි” පෙරටු කොට ගත් පුළුල් සන්ධානයකින් මෛත්‍රී ජනපතිවරණයට..!
තමා පියවර තුනක් පස්සට ගෙන තිබියදී එජාපෙට අඩියක් පස්සට ගන්න නොහැකි මන්දැයි ජනපති විමසයි..!
(උපුල් බණ්ඩාර)
හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය මේ වන විට යොමුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුට සමීප ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධන කණඩායමට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිවීම සහ එක්සත් ජාතික පෙරමුණට බහුතරය තිබුණත් එම පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත් අගමැති ධූරය යළි ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින දැඩි ස්ථාවරය අනුව එකම විකල්පය වන්නේ ජනාධිපතිවරණය කැඳවීම යැයි ද ඔහු පෙන්වා දුන්නේය.
කිනම් තත්ත්වයක් යටතේවත් ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට යළි පත් නොකරන්නේ යැයි අවධාරණය කළ එම ජ්‍යෙෂ්ඨ නායකයා අග්‍රාමාත්‍ය ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර සියලු දෙනාට පිළි ගත හැකි පුද්ගලයෙකුගේ නමක් එක්සත් ජාතික පෙරමුණ යෝජනා කළොත් මේ තත්ත්වය සම්පූරණයෙන්ම වෙනස් වනු ඇතැයි ද පැවසීය.
මේ ප්‍රශ්නයේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව පිළි ගනිමින් ද,එම නිසා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන ලෙසට මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දෙමින් ද,එක්සත් ජාතික පෙරමුණට බහුතරය පිළි ගෙන ආණ්ඩුව ද ලබාදීමට එකඟ වෙමින් ද, තමා පියවර තුනක් පිටු පසට ගෙන තිබෙන අවස්ථාවක රනිල් වික්‍රමසිංහ හැරුණු කොට සියලු දෙනාට පිළි ගත හැකි පුද්ගලයෙකු අගමැති ධූරය සඳහා නම් කරමින් එක්සත් ජාතික පෙරමුණට අඩියක් පස්සට ගැනීමට නොහැකි මන්දැයි ජනාධිපතිවරයා එම පෙරමුණේ නායකයින් සමග සඳුදා (03) පැවැත්වූ සාකච්ඡාවේදී එම නායකයින්ගෙන් ප්‍රශ්න කළ බව ද ඔහු සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජනාධිපති අපේක්ෂකකම ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විටත් එකඟතාවය පළ කර ඇති බව කියා සිටී ඔහු ඒ නුව මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පුළුල් සන්ධානයකින් එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි ද අවධාරණය කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
