හතර දෙනාම සූරයෝ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

අගමැතිට වඩා ජනපති ඉදිරියෙන්..! රනිල්-මහින්ද ගැන කිසිම හා හූවක් නැහැ..! කරු-සජිත්-රවී එක් විය යුතුයි..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ජාතික පෙරමුණේ 2020 ජනාධිපති පොදු අපේක්ෂකයා කවුරුන් විය යුතු ද යන…
අගමැතිට වඩා ජනපති ඉදිරියෙන්..!
රනිල්-මහින්ද ගැන කිසිම හා හූවක් නැහැ..!
කරු-සජිත්-රවී එක් විය යුතුයි..!
(සුජිත් මංගල ද සිල්වා)
යහ පාලන ජාතික පෙරමුණේ 2020 ජනාධිපති පොදු අපේක්ෂකයා කවුරුන් විය යුතු ද යන කාරණයට අදාළව දේශපාලන නායකයින් සිව් දෙනකු සමබන්ධයෙන් මේ වන විට ශ්‍රී ලනකාවේ විදේශීය තානාපති අංශවල විශේෂ අවධානය යොමුව තිබේ.
ඒ කතානායක දේශබන්ධු කරු ජයසූරිය,එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස,සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් පිළිබඳවය.
ප්‍රජාතන්ත්‍රවාදය,නීතිය,සාමය,මානව හිමිකම් සහ සංවර්ධනය පදනම් කර ගත් යහ පාලනය තව දුරටත් ඉදිරියට ගෙන යාම සඳහා එම පාලන තන්ත්‍රයේ ඊළඟ වටයේ අගමැති ධූරය දොස්තර රාජිත සේනාරත්න මහතා හෝ පාඨලී චම්පික මහතා දැරිය යුතුය යන ස්ථාවරයේ එම තානාපති අංශ සිටින බව ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පෙන්වා දෙයි.
2020 දී ශ්‍රී ලනකාවේ ජනාධිපති විය යුත්තේ කවුරුන් ද යන කාරණය සමබන්ධයෙන් විවිධ මට්ටමෙන් සිදු කෙරෙන මේ විවිධ සාකච්ඡාවලදී මේ වන තුරුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම කරළියට නොපැමිණීම විශේෂ සිද්ධියක් බව තානාපති අංශ ආරංචි මාර්ග අවධාරණය කර සිටියි.
කෙසේ නමුත් බුද්ධි අංශ සහ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදේශීය තානාපති අංශවල සහ රටේ දේශපාලන සංවිධානවල විශ්වාසයත්,සහයෝගයත්,අනුග්‍රහයත් මේ වන විට වේගයෙන් දිනා ගනිමින් සිටින බවය. ජනාධිපතිවරයාට සාපේක්ෂව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සිටින්නේ පසුගාමීව බව ද එම ආරංචි මාර්ග තහවුරු කර සිටියි.
මේ අතර ඉන්දීය “රෝ” ඔත්තු සේවය ශ්‍රී ලනකාවේ රාජ්‍ය බුද්ධි අංශය ද සමග එක්ව කළ විශේෂ සමීක්ෂණයකදී එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියම නායකයා සජිත් ප්‍රේමදාස බවට හෙළි වූ සිද්ධිය මීට පෙර “lankanewsweek” වාර්තා කළේය.
මේ පසුබිම යටතේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි වගේම කතානායක කරු ජයසූරිය මහතා කෙරෙහි ද ඉන්දියාව විශේෂ අවධානයකින්,විෂවසයකින් සහ බලාපොරොත්තුවකින් සිටියි.
මේ අනුව වයඹ විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය සහ මුල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය දක්වන විශ්ව විද්‍යාල බුද්ධිමතුන් “lankanewsweek” සමග පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා කතානායක කරු ජයසූරිය,රවී කරුණානායක සහ නවීන් දිසානානයක යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම සමග එකට එක්ව එක්සත් ජාතික පක්ෂයට අලුත් මුහුණුවරක් ලබා දිය යුතු බවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
