හඬ කැවූ ඉන්දියානු ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලට අයවැයෙන් විශාල බද්ධක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) ජනතාවට සහන රැසක් ලබා දෙන රජයේ 2018 ය අය වැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට හෙට(9) සවස 3.00ට ඉදිරිපත් කිරීමට නියමිතය. සිංහල හඬ කැවූ සහ උප සිරැසි සහිතව ශ්‍රී ලංකාවේ විකාශනය කෙරෙන…
(සුජිත් මංගල ද සිල්වා)
ජනතාවට සහන රැසක් ලබා දෙන රජයේ 2018 ය අය වැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට හෙට(9) සවස 3.00ට ඉදිරිපත් කිරීමට නියමිතය. සිංහල හඬ කැවූ සහ උප සිරැසි සහිතව ශ්‍රී ලංකාවේ විකාශනය කෙරෙන ඉන්දියානු ටෙලි නාට්‍ය සහ චිත්‍ර පට සදහා මේ අය වැය යෝජනාවලිය මගින් විශාල බද්ධක් පැන වෙනු ඇතැයි දැන ගන්නට තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මේ මංගල අයවැය යෝජනාවලිය නව අදායම් බදු පනත, බලගතු ශ්‍රී ලංකාව සහ 2025 ක්‍රියාකාරී සංවර්ධන සැලැස්ම යන කාරණා මත පදනම්ව ඉදිරිපත් කෙරෙනු ඇත. අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ගණනාවක මිල මේ අයය වැය යෝජනාවලිය මගින් අඩු කෙරෙනු ඇති අතර 100CC සහ ඊට අඩු “ඇන්ජින්” ධාරිතාවකින් යුතු වාහන මිල ගණන්ද බීර වර්ග ඇතුළු මත්පැන් මිල ගණන්ද අඩු වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1