සෞඛ්‍ය ඇමැතිකම දුන්නොත් භාර ගන්නවා

ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමැති තනතුර තාමාට ලැබුණොත් එම තනතුර භාර ගන්න තමා සූදානම් යැයි සමගි ජන බලවේහයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.…
ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමැති තනතුර තාමාට ලැබුණොත් එම තනතුර භාර ගන්න තමා සූදානම් යැයි සමගි ජන බලවේහයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
දොස්තර රාජිත සේනාරත්න මහතා එසේ පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සංචාරය නිමවා ජනමාධ්‍යයට අදහස් පළ කරමිනි.
තමා හැමදාම තීන්දු තීරණ ගත්තේ දේශපාලනය දෙස බලා විනා මුදල්වලට නොවන බව ද, ජනතාව තමාව පිළි ගන්නේ ඒ නිසා බව ද පෙන්වා දුන් රාජිත සේනාරත්න මහතා මුදල් වෙනුවෙන් දේශපාලන තීන්දු තීරණ ගන්නා අය ද සිටින බව වැඩි දුරටත් කියා සිටියේය.