අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සේවක වැටුප්වල ක්‍රය ශක්තිය සියයට 70කින් පහත වැටිලා

සේවක වැටුප්වල ක්‍රය ශක්තිය සියයට 70කින් පහත වැටිලා

ආණ්ඩුව ඒ ගැන දන්නෙවත් නැහැ ආණ්ඩුවට ආර්ථික විද්‍යා පරිචයක් නැහැ IMF යනු ආර්ථික විද්‍යාව පදනම් කොට ගත් ආයතනයක් නොවේ සේවක සේවික්වන්ගේ වැටුප්වල ක්‍රය ශක්තිය 70%කින් පහත වැටී ඇතැයි පේරාදෙණිය විශ්ව…

ආණ්ඩුව ඒ ගැන දන්නෙවත් නැහැ 

ආණ්ඩුවට ආර්ථික විද්‍යා පරිචයක් නැහැ  

IMF යනු ආර්ථික විද්‍යාව පදනම් කොට ගත් ආයතනයක් නොවේ 

සේවක සේවික්වන්ගේ වැටුප්වල ක්‍රය ශක්තිය 70%කින් පහත වැටී ඇතැයි  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ, නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා පෙන්වා දෙයි.

ආර්ථික විද්‍යා පරිචයක් නොමැති ආණ්ඩුවට මේ යථාර්ථය ගැන අවබෝධයක් නැතැයි ද, උපයන විට ගෙවීමේ බදු විශාල වශයෙන් වැඩි කර ඇත්තේ එම නිසා යැයි ද කියා සිටින මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා කිසිදු අවබෝධයකින් තොරව මෙසේ උපයන විට බදු විශාල වශයෙන් වැඩි කිරීමෙන් සිදු වන්නේ රට-ජනතාව උග්‍ර ආර්ථික අවපාතයකට ලක් වීම යැයි ද පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ, නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා මෙසේ ද පැවසීය.

දැන්වීම

"ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණ ගන්නේ ආර්ථික විග්‍රහයන් ඔස්සේ නොව මනෝමූල කාරණා ඔස්සේ හෝ ජාතන්තර ආයතනවල උවමනාවටය. මෙම බදු යෝජනාව IMF යෝජනාවක් ලෙස පෙනෙන අතර එමගින් රජයේ බදු ආදායම 11% සිට 17% දක්වා වර්ධනය කර ගත යුතු බව ද නිර්දේශ වී තිබේ. ආර්ථිකය යථාපරිදි ක්‍රියා කරන අවස්ථාවල බදු ආදායම වර්ධනය කර ගැනීමට අපහසු නොවුණද අද පවතින බිඳුණු ආර්ථික තත්ත්වය අනුව එම කාර්ය භාරය කළ යුතු වන්නේ ඉතා සෙමිනි. ප්‍රවේශමිනි. 

IMF යනු ආර්ථික විද්‍යාව පදනම් කොට ගත් ආයතනයක් නොව මුල්‍ය උපකරණ (Financial Tools) පදනම් කර ගත් ආයතනයකි. එබැවින් IMF එක මුල්‍ය ඉලක්ක අරමුණු කරනවා විනා සංවර්ධනය හෝ ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරිත්වය අරමුණු නොකරයි. ඒ අනුව IMF යනු මුල්‍ය සමාගමක් වැනි ආයතනයකි. මුල්‍ය සමාගම් හා ගනුදෙනු කිරීම ඇඟට ගුණ නැතැයි කියමනක් තිබේ. එමෙන්ම IMF සරණ පැතූ රටවල් විනාශ වූ බවට ද චෝදනා එල්ල වී තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකය අවපාතයක් කරා යොමු නොකිරීමට නම් බදු පිළිබඳ ආර්ථික විද්‍යා පරිචය ආණ්ඩුවට අවශ්‍ය වේ. හිතුමතේ ආර්ථිකය හැසිරවීම භයානකය."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සේවක වැටුප්වල ක්‍රය ශක්තිය සියයට 70කින් පහත වැටිලා | Lanka Newsweek