සේවක වර්ජනයෙන් ගුවන් තොටුපොල කටයුතු අඩාලයි.

(නිලන්ති චන්ද්‍රසේන ) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් හොටුපොල සේවකයෝ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් අද (03) වැඩවර්ජනයක් ඇරඹු අතර මෙම උද්ඝෝෂණය සදහා කටුනායක, මත්තල , රත්මලාන…
(නිලන්ති චන්ද්‍රසේන )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් හොටුපොල සේවකයෝ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් අද (03) වැඩවර්ජනයක් ඇරඹු අතර මෙම උද්ඝෝෂණය සදහා කටුනායක, මත්තල , රත්මලාන ඇතුළු සියලුම සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ අත්තිඩිය සම්ප්‍රේෂණ හුවමාරු මධ්‍යස්ථානය මෙන්ම , පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් ද ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී මෙම වැඩ වර්ජනයට සහය පළ කර ඇත.
එක් සේවකයෙක් සදහා රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස සේවකයින් කල ඉල්ලීම විෂය භාරඅමාත්යවරයට ඉරාකුණු කුඩයට දැමීම වැඩ වර්ජනයක් දියත් කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත.
මෙම වැඩවර්ජනය හේතුවෙන් ඒ අවට දැඩි උණුසුම් තත්වයක් පවතින අතර ගුවන් තොටුපොල පරිශ්‍රයේ ආරක්ෂාව සදහා පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මේ වන විටත් යොදවා තිබේ.